IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බදුල්ලේ අත්‍යවශ්‍ය ආහාර ලබාදීමේ සහන පැකේජය අසාර්ථකයි

පාලිත ආරියවංශ

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමේ අපහසුතාවය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සදහා සහන පැකේජය ලබාදීම අසාර්ථක වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (30)පැවැති සාකච්ජාවකදී පැවසීය.

වියලි ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කල ආහාර ද්‍රව්‍ය ලබාගැනීම සදහා සතොසට ඇනවුම් කළත් ඒවා මෙතෙක් ලබානොදීමෙන් අඩුමිළට ලබාදෙන සහන පැකේජය ගම්මාන කරා යැවීමට නොහැකිවී ඇති බව බදුල්ල නගරාධිපතිවරයා සහ ප්‍රාදේශීය සභා සභාපතිවරු මෙහිදි පෙන්වාදුන්හ .

බදුල්ල නාගරික සීමාවේ අඩු ආදායම් ලාභීන්ට ආහාර ආධාර නොමිලේ පරිත්‍යාග කිරීම සදහා මහ නගර සභාව රුපියල් ලක්ෂ 23 ක් වෙන්කර සතොසට ඇනවුම් කර ඇතත් එම බඩු ලබාදීමට සතොස මෙතෙක් අපොහොසත් වීමනිසා එම පරිත්‍යාගය සිදුකිරීමට නොහැකි වී ඇති බව බදුල්ල මහා නගරසභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා මෙහෙදී පැවසීය .

සහල් නම් පුද්ගලික අංශයෙන් ලබාගැනීම සදහා දැනටමත් කටයුතු කර ඇති බවද හෙතෙම සදහන් කළේය .

සතොස පෝලිම් වැඩි ඇති වී ඇ‍ත්තේ සැමන් සහ පරිප්පු නිසා බව පෙන්වා දුන් ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒවා සමුපකාර මගින් අළෙවි කිරීමට කටයුතු කර නගරයට අනවශ්‍ය ලෙස ‍ පැමිනෙන ජනතාව අවම කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය .

රටේ භාණ්ඩ හිගයක් පවතින බව අවධාරණය කළ ඇමතිවරයා තිබෙන භාණ්ඩ ක්‍රමානුකූලව ජනතාව අතට පත්කිරීමේ ක්‍රම වේදයක් මේ අවස්ථාවේ ක්‍රියාත්මක කිරීමටද උපදෙස් දුන්නේය

ඒ සදහා බදුල්ල දිස්ත්‍රික්කයේ සහල් අර්තාපල් හා එලවළු සැපයීමේ ගැටළුක් නැතැයිද කීවේය .

නොමිලේ සහන පැකේජය , සදහා මෙන්ම පොරොත්තු ලේඛනයේ සිටින සමෘධි ලාභීන්ගේ ණය, පොරොත්තු ලේඛනයේ සිටින ආබාධිතයන් සහ මහජන ආධාර ලබන්නන් ඇතුළු ව පවුල් දිස්ත්‍රික්කයේ 94800 ක් සදහා සහන සැලසීම සදහා අවශ්‍ය මුදල් ඉල්ලා ඇතත් ඒවා මෙතෙක් ලැබී නැති බවද මෙහිදි අනාවරණය විය .

මේ පිළිබදව කැබිනට් අනුමැතිය ලැබී ඇති නමුත් මහා භාණ්ඩාගාරයෙන් මෙතෙක් මුදල් ප්‍රතිපාදන නොලැබීම නිසා මේ තත්වය උද්ගතව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළේය.



අදහස් (2)

බදුල්ලේ අත්‍යවශ්‍ය ආහාර ලබාදීමේ සහන පැකේජය අසාර්ථකයි

lalithm Monday, 30 March 2020 06:20 PM

යමක් හැරි හැටි තේරුම් ගැනීම සහ ප්‍රසිද්ධියේ කීම ගැන නිමල් සිරිපාල මහතාට ප්‍රණාමය. මෙවැනි අවස්ථාවක කළයුත්තේ සෑම ගමකම තිබෙන ලොකු කුඩා වෙළඳ සල් හරහා පෝලිම් නැති ක්‍රමයකට බඩු බෙදාහැරීම. සතොස වැනි අකාර්යක්ෂම රාජ්‍ය ආයතනත්, සමුපකාරයත් තොග පාලනයට තබා ගත්තා වුනත් සිල්ලර වෙළඳාමට අසාර්ථකයි. සේවකයින් රාජ්‍ය සේවයේ අධිකාරී මනසින් යුතුයි. පාරිභෝගික අධිකාරියේ අධීක්ෂණය යටතේ පුද්ගලික වෙළදසැල් නියාමනය කර භාණ්ඩ ගමට යවන්න.

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 31 March 2020 01:59 AM

පහට විතරක් ඉස්කෝලේ ගිහිල්ලා කෝච්චියේ වඩේ වික්ක දේශපාලකයෙක්ට ඡන්දෙ දුන්න බදුල්ලේ ආදීවාසින්ට මෙහෙම නොවී තව මොනා වෙන්නද? දැන් සැපද?

:       0       63

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 773 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site