IMG-LOGO

2024 ජුලි මස 16 වන අඟහරුවාදා


බණ්ඩාරවෙල සම්බාහන මධ්‍යස්ථානයක් වටලා 5ක් අත්අඩංගුවට

(ඩී.කේ.රත්න )

කොරෝනා වයිරසය පැතිරීයාමට උපකාරී වන අයුරින් බණ්ඩාරවෙල ස්ප‍්‍රීංවත්ත ප‍්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා එහි සිටි 5 දෙනෙකු අද (28) හවස  අත්අඩංගුවට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පැවසීය.
 
අම්පාර , මිනුවන්ගොඩ සහ මහනුවර ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 21 , 25 සහ 27 වයසේ පසුවන තරුණියන් තිදෙනෙකු බණ්ඩාරවෙල උතුරු කැඹිල්ලෙවෙල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණයෙකු සහ දියතලාව කදුරුගමුව ප‍්‍රදේශයේ පදිංචි මෙම සමබාහන මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය පුද්ගලයාද බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානමක් මතුවීම නිසා සම්බාහන මධ්‍යස්ථාන වසා දමන ලෙසට දැනුවත් කර තිබියදී මෙම පුද්ගලයා තරුණියන් යොදවමින් සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන බවට බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු තොරතුරුත් මත මෙම වැටලීම සිදු කර තිබේ.
 
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.



අදහස් (4)

බණ්ඩාරවෙල සම්බාහන මධ්‍යස්ථානයක් වටලා 5ක් අත්අඩංගුවට

විපරමා Tuesday, 28 April 2020 01:12 PM

කොරෝනා අස්සේ පොඩි ආතල් එකක් ගන්ඩ ගිහින් වගේ?

:       20       120

Appuhami Tuesday, 28 April 2020 03:22 PM

ස්පා කිව්වට මෙවගේ වෙන්නේ පැරණිම රස්සාවනේ...

:       34       170

Rohana Tuesday, 28 April 2020 04:58 PM

මොන දේවල් ගත්තත් කොරෝනා හදාගෙන දුක් විදින්න වෙයි. ගන්න කලට සැප මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියල තියෙනව මතකද?

:       0       86

wije Wednesday, 29 April 2020 03:34 AM

අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන්න නීතියෙන් අවසර තියනවනේ. අනේ ඉතින් මේවාත් අත්‍යාවශ්‍ය කට්ටිය ඉන්නවා ඇතිනේ..

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත්ට ජීවිත තර්ජන: වැඩි ආරක්ෂාවක් ඉල්ලයි
2024 ජුලි මස 16 278 0

විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි විප


ට්‍රම්ප්ගේ දෙවැනියා ජේ.ඩී. වැන්ස්
2024 ජුලි මස 16 320 0

ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනප


වෙල්ගමට-රාජිතට කුඩම්මගෙ සැලකිලි
2024 ජුලි මස 16 883 0

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ද සමගි ජන බලවේගය පක්ෂයේ රැස්වීම් ස


ෆොන්සේකාගෙන් සජබට රතු එළියක්
2024 ජුලි මස 15 1583 0

පක්ෂය තමාට සලකන්නේ මේ විදියට නම් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කිරීමට සූදානම් නැතැයි සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍


මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි
2024 ජුලි මස 15 989 0

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.


හිරුණිකාට ඇප දෙනවාද? නැද්ද? : තීන්දුව 22
2024 ජුලි මස 15 636 0

තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකරු වී වසර 03 සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු ම


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 97 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 933 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1823 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site