(රංජිත් රාජපක්ෂ)
කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමත් සමඟ පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වතුකරයට සහ ගම්මාන වලට බෙදා හැරීමේ වැඩසටහනක් හැටන් බේකරි හිමියන්ගේ සංගමය විසින් අද (27) සිට ආරම්භ කර ඇත.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ත්‍රීරෝද රථ මගින් වතු කම්කරුවන් වෙසෙන ප්‍රදේශවලට සහ ගම්මාන වලට රැගෙන ගොස් රජයේ පාලන මිලටම පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ලබාදීමට එම සංගමය කටයුතු කර තිබේ.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.