IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පී.සී.ආර්. පරීක්ෂණ 1000 ක් පමණ යළි කරන්න වුණා

(විනීතා එම් ගමගේ)

කොවිඩ් 19 වයිරසය හදුනාගැනීම  සදහා රෝගීන් පරික්ෂා කෙරෙන පී සී ආර් පරික්ෂණය සම්බන්ධ වැරදි වාර්තා ලැබීම නිසා දහසක් පමණ සාම්පල් නැවත පරික්ෂා කිරීමට සිදුවූ බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවි කුමුදේශ් මහතා ප‍්‍රකාශ කළේය.
 
රජයේ රසායනාගාර 11 ක් ඇති අතර ඒවායේ දිනකට පී සී ආර් පරික්ෂණ 2000 කට ආසන්න ප‍්‍රමාණයක් සිදුකළ හැකිව ඇතත් අවශ්‍ය තරම් නිදර්ශක ඒවාට ලැබෙන්නේ නැතැයි ද කුමුදේශ් මහතා කියා සිටියේය.
 
රජයේ රසායනාගාර තිබිය දී වෙනත් ස්ථානවලට පරික්ෂණ සදහා නිදර්ශක  ලබා දීමෙන් කොවිඞ් මර්දන වැඩසටහනට හානියක් සිදුවූ බව තම සංවිධානය කිහිප වරක් පෙන්වා දුන් බවත් ජනාධිපතිවරයාට පවා මේ සම්බන්ධව අට වතාවක් ලිපි මගින් පෙන්වා දුන් බවත් හෙතෙම සදහන් කළේය.
 
කෙසේ වෙතත් ජනාධිපතිවරයා වෙත යවන ලිපි අතරමග දී වෙනත් අයෙකු අතට පත්වන්නේ ද යන සැකය තම සංගමය සතුව ඇතැයි ද මෙම තත්ත්වයන් ගැන දේශපාලනික උවමනාවකින් කටයුතු කරන පිරිසක් සිටින්නේ ද යන සැකය ද පවතින බවත් කී කුමුදේශ් මහතා පවතින තත්ත්වය ගැන තමන් සතු රහස්‍ය වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාරදීමට අවස්ථාවක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද ප‍්‍රකාශ කළේය.
 
අවදානම් පුද්ගලයින්ගේ පීසීආර් පරික්ෂණ රජේය රසායනාගාරවලට යැවීම නිසා වැරදි වාර්තා ලැබුණු අවස්ථා රැසක් ඇතැයි ද ජාතික රෝහලේ හෙද නිලධාරිනියකට කොරෝනා ආසාදිත වී ඇතැයි යන වාර්තාව කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබාදී තිබු අවස්ථාවේ එවැනි කොරෝනා ආසාදිත යැයි වාර්තා ලැබුණු සිව්දෙනෙකු කොරෝනා ආසාදිත නොවූ බව යළිත් කළ පරික්ෂණවලින් හෙලිවූ බවද පැවැසීය.



අදහස් (4)

පී.සී.ආර්. පරීක්ෂණ 1000 ක් පමණ යළි කරන්න වුණා

de silva Sunday, 10 May 2020 02:36 PM

කරුණාකර පුද්ගලික අංශයේ රසායනාගාර තාවකාලිකව රජයට පවරාගෙන එම පර්යේෂණ කටයුතු රජයේ අධීක්ෂණය යටතේ සිදු කරන්න .

:       8       14

jayath Sunday, 10 May 2020 04:03 PM

ඔය කාගේ කාගේත් පැටිකිරිය මේ රටෙ ජනතාව හොඳින් දන්නවා. අවංක උවමනාවක් තියනවනම් වැරදුනේ කොහෙද කියල හොයන එකයි හරි... බොරුවට ප්‍රකාශ නිකුත් නොකර... මොකද කලිනුත් ඔය වගේ පොරක් හිටිය අන්තිමට පොර නැවතුනේ පාර්ලිමේන්තුවට රිංගලා මොකද මෙතන ප්‍රශ්න කීපයක් තියනවා.... එකක් තමයි මේ PCR පරීක්ෂණයේ නිරවද්‍යතාවය... අනික මේ උපකරණ වල දෝෂ මේවා බින්දුව කරන්න බැහැ අවම කරගන්නව මිසක්...

:       7       68

lalithm Sunday, 10 May 2020 04:43 PM

මෙයා කතා කරන්නේ දේශපාලනයම තමා. හැබැයි පක්ෂ දේශපාලනය නොවෙයි වෘත්තියවේදී කැපිලි දේශපාලනය. කියන්න හදන්නේ රජයේ රෝහල්වල ඉන්න තමන්ගේ වෘත්තියේ අයවලුන් හැර වෙනත් රජයේ ආයතන..., කොළඹ විශ්වවිද්‍යාලයේ රසායනාගාරයත් ඇතුළුව කරන පරීක්ෂණ වැරදි බව නේද? මේ කරන්න හදන්නේ අනාගතයට බලපාන බඩ ගෝස්තර දේශපාලනය. වෙන කව්රුත් මේ පරීක්ෂණය කරනවට විරුද්ධයි. වැරදි වැරදි වුනත් විශ්වවිද්‍යාලයක් කරන දේට ඉඩදෙන්න ඕනේ. ඔවුන් තමයි නව නිපැයුම් එළිදක්වන්නේ සහ බෙහෙත් හොයන්නෙත්. වෘත්තියවේදීන් කරන්නේ ඉගෙනගත් දෙය ක්‍රියාවේ යෙදවීම විතරයි...

:       9       247

kamal Monday, 11 May 2020 03:04 AM

එතකොට ඔය කියන රජයේ රසායනාගාර වල වැරදි වෙන්නේ නැතිද හැබෑට ?

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site