(ක.ග.කරුණාරත්න)
යල කන්නයේ වීඅස්වනු නෙළන තෙක් අවශ්‍ය තරම් වී තොග රට තුළ තිබෙන බවත් එම නිසා රටින් සහල් ගෙන්වීමේ කිසිම අවශ්‍යතාවයක් නැතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා අද(21) ප‍්‍රකාශ කළේය.
රජයේ බුද්ධි අංශ සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය මගින් තොරතුරු එක්රැස් කර තිබෙන බවකී ඒ මහතා පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පමණක් වී කිලෝ කෝටි 19ක් 20ක් ඇතැයි කීය.
රොෂාන් රණසිංහ මහතා මේ බව කියා සිටියේ අද(21) පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.
කෘතිම සහල් හිඟයක් මවාපාලා මේ වෙලාවේ පාරිභෝගික ජනතාවගේ බඩට ගැසීම අපරාධයක් යැයිද මෙය වී මාෆියාකාරයින් හැමදාම දාන සෙල්ලමක් බවද ඒ මහතා කීය.ජනතාවගේ ඕනෑම දුකක් මැදින් තමන්ගේ බඩගෝස්තරය ගැන සිතන්නට එපා කියා තමන් මහා පරිමාණ මෝල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම එහිදී පැවැසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මහතා මෙසේද කීය. වී වලට සහතික මිලක් රජය නියම කරලා තියෙන්නේ ගොවියා සරුක්‍ෂිත කරන්නයි.පාරිභෝගික ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා සහල් වලට පාලන මිලක් නියම කර තිබෙනවා.අද පෞද්ගලික අංශයේ වී මිල රුපියල් 50 නොවෙයි 55යි.රුපියල් 55ට වී ගන්නේ රුපියල් 90ට සහල් දෙන්න පළුවන් නිසයි.ඇතැම් සහල් මෝල් හිමියන් කෘතිම සහල් හිඟයක් මවාපාන්න කටයුතු කරනවා.මෝල් හිමියන් වැඩි මිලට තොගමිල තීරණය කර තිබෙනවා නම් වෙළෙඳුන් ඒ ගැන පාරිභෝගික අධිකාරියට පැමිණිලි කල යුතුයි.මේ වෙලාවේ පාරිභෝගික ජනතාවගේ බඩට ගැසීම අපරාධයක්.මහා පරිමාණ මෝල් හිමියන් සඟවාගෙන තිබෙන වී තොග කුඩා පරිමාණ මෝල් හිමියන්ට ලබාදීමට රජය පසුබට වෙන්නේන නෑ.මේ රටේ ජනතාවගේ ප‍්‍රධාන ආහාරය බත්.මේකත් එක්ක සෙල්ලම් කරන්න එපා .මෝල් කාරයින්ව,මාෆියාකරුවන් රැුකීමට රජයට අවශ්‍යතාවයක් නෑ.මේ වෙලාවේ සහල් ආනයනය කරන්න කිසිම අවශතාවයක් නෑ. යල කන්නයේ වී අස්වනු නෙළන තෙක් අවශ්‍ය තරම් වී තොග රටේ තිබෙනවා.කිහිප දෙනෙක් පමණයි රුපියල් 90ට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන්නේ.මේක වී මාෆියා කාරයින් හැමදාම දාන සෙල්ලමක්.පසුගිය යහපාලන රජය වී මාෆියා කරුවන්ට නීත්‍යානුකූල බලපත‍්‍රයක් දුන්නා.රජයේ වී ඔවුන්ට එදා දුන්නේ රුපියල් 24ට. මාෆියාකරුවන් තුරන් කරන වැඩ පිළිවෙලට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පියවර ගෙන තිබෙනවා
.

COMMENTS
ඕක හොයාගත්තේ ආමි එකෙන්... දැන් මෙතන ලකුණු දාගන්න හැදුවට වැඩක් වෙන්නේ නෑ. මෙච්චර කල් හැංගිලා ඉඳලා ඔන්න දැන් එළියට බැහැලා...
මොඩ් ගොවියා එව්වා... වැඩි ගානට දෙන්න තියාගෙන ඉන්නවද කියලා කවුද දන්නේ...?
කියව කියවා ඉන්නේ නැතුව මුලින්ම වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කරලා වෙළඳපලට දමන්න.. ඒවා ඉවරවෙන්න කිට්ටු වෙනකොට අවශ්‍ය කරන සහල් තොග පිටරටින් ඇනවුම් කරන්න. අස්වනු නෙලන්න සති 2-3 කට කලින් පිටරටින් සහල් ගෙන්වන එක නතර කරන්න.. ඉන්පසු ලබන කන්නේදී ගොවීන්ගෙන් සහල් සහතික මිලකට අරන් වී අලෙවි මණ්ඩලය හිස්වුණු ගබඩා පුරවන ගමන් මණ්ඩලයේ සහල් මෝල් මගින් සකස් කර වෙළඳපලට දමන්න. එහෙම කළොත් ඔය ලොකු මෝල්කාරයින්ගේ ආධිපත්‍ය බිඳ දමන්න පුළුවන්... හැමදාම වෙන්නේ රජය විසින් මිලදී ගන්න වී නිසි කළමනාකරණයක් නොමැති කමින් ගබඩාවල දිරපත්වෙන්න හැර සත්ව අාහාර වලට විකුණන එකයි.
සහල් මාෆියාව නැවැත්වීම මේ ප්‍රශ්නයට එකම විසඳුමයි...
අනේ මහත්තයෝ අපිට සම්බා හාල් බෙහෙතකටවත් හොයා ගන්න නැහැ. කීරි සම්බා නම් යහමින් තියෙනවා... නමුත් සල්ලි නැහැ ඒවා කන්න...
ආණ්ඩුව සහල් මාෆියකාරයෝ සමග යටින් ඩීල්දමලා අපිව රවටන්න එකඑක කතා කියනවා.. පිටරටින් සහල් ගෙන්වන එක නතර කරලා තිබෙන්නේ සහල් මාෆියාවේ අවශ්‍යතාවය නිසා.., සහල් මාෆියකාරයෝ සහල් හංගලා නම් කරුණාකර, මුලින්ම වී අලෙවි මණ්ඩලය සතු තොග වෙළඳපලට දමන්න.. ඉන්පසු සහල් පිටරටින් ගෙන්වීමේ තහනම ලබන මාස දෙකට පමණක් ඉවත් කරන්න.. එතකොට වෙළඳපලේ සහල් මිල අඩුවේවි... ඉන්පසු අස්වනු නෙලන කාලයට සහල් පිටරටින් ගෙන්වීම නතර කරලා වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගන්න. එහෙම නැතුව මාෆියාව මර්ධනය කරන්න බැහැ.
2015 රාජපක්ෂ පවුල ඡන්දෙ පැරදිලා අමාරුවේ වැටිලා නඩු වැටිලා හිරේ යන තත්වයට පත්වෙලා ඉන්න කොට මැදිහත්කරු ලෙස ඉදිරිපත්වෙලා සිරිසේන සමග ඩීල් එකක දමලා ඔවුන්ව බේරාගන්න ඉදිරිපත්වුනේ ලංකාවේ ලොකුම සහල් මාෆියාකාරයෙක්... එමනිසා බලය ලැබුනහම රාජපක්ෂ පවුල විසින් ඔහුගේ ව්‍යාපාර ආරක්ෂා කරන්න ඉදිරිපත්වෙන එක පුදුමයක් නොවේ.. එමනිසා සහල් පිරටින් නොගෙන්වීමට තීරණය කළා.. ගොවියා ආරක්ෂා කරනවා කියලා බොරු කියමින් සහල් මාෆියා කාරයෝ ආරක්ෂා කරන එක වහාම නවත්වන්න... රටින් ගෙනැල්ලා හරි සහල් මිල 80ට බස්සවන්න... එහෙම නොකලොත් 2015දී කළා මෙන් පාරිභෝගික ජනතාව විසින් ඔබලාව නැවත මැදමුලනට එලවා දමනු ඇත...
අපිට ගණන් බෑ ඒක හින්ද කෝටි වලින් කිව්වම ලොකු ගණන්