(ක.ග.කරුණාරත්න)
ගොවි විශ‍්‍රාම වැටුපට දායකවී සිටින පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවීන් 5189 දෙනෙකු සඳහා රුපියල් දෙකෝටි පණස් නව ලක්‍ෂ හතළිස් පන්දහසක මුදලක් (25,945,000) තැපැල් කාර්යාල 103ක් මගින් අද(06) දිනයේදී ගෙවීමට පියවර ගත් බව පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ප‍්‍රකාශ කළේය.
නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කාර්යාලවල නිලධාරීන්ට තම නිවෙස්වල සිට රාජකාරී කිරීමට රජය උපදෙස් ලබාදී තිබියදී මේ කටයුතු කඩිනමින් කිරීමට ක‍්‍රියාකල කෘෂි රක්‍ෂණ මණ්ඩලය,තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු අදාල සියලූම ආයතන ප‍්‍රධානීන් සහ නිලධාරීන්ට සිය ස්තූතිය පිරිනමන බවද ඒ මහතා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.