(කාංචන කුමාර ආරියදාස)
එලවලු වගාවට වී වගාවට සහ කුඹුරු වගාව සඳහා අවශ්‍ය පොහොර මිලදී ගැනීමට දඹුල්ල නගරයේ කෘෂි අලෙවි සේවා ස්ථානවල අද (23) අලුයම සිට දිගු පෝලිම් පවතින බව දැක ගැනීමට හැකි විය.
දින ගණනාවක් තිස්සේ මේ ආකාරයෙන් පොහොර මිලදී ගැනීම සඳහා අලුයම් කාලයේ සිට පෝලිම් වල සිටිය දී ප්‍රමාණවත් පොහොර ලබා ගැනීමට නොහැකි වූ බව ගොවීයෝ පවසති.
මේ දිනවල දේශීය ලොකු ලූණු වගාව සහ එළවළු වගාවට බිම් සැකසීම සිදු කරන නමුත් ඊට අදාළ යොදන මඩ පොහොර වල හිගයක් පවතින බවත් මඩ පොහොර වෙනුවට වෙනත් එළවළු පොහොර වෙළඳපොළේ ඉතා සීමිතව පවතින බව ගොවීහු චෝදනා කරති.
අවශ්‍ය පොහොර වෙනුවට වෙනත් පොහොර මිටියක් හෝ මිලදී ගෙන වගාවට යෙදීම සඳහා පෝලිමේ සිටීමට සිදුව ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.
රාත්‍රී කාලයේ වන අලින් සහ වනසතුන්ගෙන් වගාවන් ආරක්ෂා කිරීමට පැල් රැක සිට අලුයම් කාලයේ ජීවිත අවදානමේ නගරයට පොහොර මිලදී ගැනීම සඳහා පැමිණීමට සිදුව ඇති බව ද ගොවීන් කියති.
පවතින වසංගත තත්වය නිසා හොර හිගය පවතින බව තමා දන්නා නමුත් ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා ගොවිතැන අත්හැර දැමීමට පවා සිදුව ඇතැයි පෝලිමේ සිටින ගොවීන් කියති.
දින ගණනාවක් පෝලිම් වල රැඳී සිටිය දී එක් ගොවියකුට ලැබෙන්නේ එක පොහොර මිටියක් පමණක් බවත් එය ප්‍රමාණවත් නොවන බවද ඔවුන් කියති.
කාබනික පෝර භාවිතයට ගමන් කරන ලෙස විවිධ කණ්ඩායම් උපදෙස් ලබා දුන්න ද එම පොහොර මිලදී ගැනීමට ස්ථානයක් නොමැති බව ගොවීහු කියති.
ගොවීන් කියා සිටින්නේ වෙළඳපලේ පොහොර හිගය පිළිබඳව කඩිනමින් රජයේ අවධානය යොමු කරන ලෙසය.
මෙම පොහොර හිගය පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 22 දින පස්වරුවේ දඹුල්ල ප්‍රදේශයේ ගොවි බිමකට ගොස් කියා සිටියේ ගොවීන් මේ වන විට වගා කටයුතු ආරම්භ කර තිබෙන බව ය.
එහෙත් රජයේ වගකීම ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබාදීම බවය රජය පොහොර හිඟය පිළිබඳව ගොවීන්ට ම චෝදනා කරමින් සිටින බවද නාමල් කරුණාරත්න මහතා චෝදනා කළේය .
කෙසේවෙතත් කඩිනමින් ගොවීන්ට මෙම සහන සලසා දෙන්නැයි රජයෙන් හෙතෙම ඉල්ලීමක්ද කළේය.




COMMENTS
දැන්නම් වෙනස හොඳටම සැපයි.
කෘෂිකරුමේ සහ ආණ්ඩුවේ එක එකේ ලොක්කෝ අත්දෙක රවුම් කර කර රුපවාහිනී ගබඩා වල පොහොර පෙන්නුවා. තවමත් බොරු දෙසනවා. කොම්පෝස්ට් දමන්න කියනවා. ඔය එකක්වත් හරි හැටියට ගන්න නැහැ. අනික කොම්පෝස්ට් හදන්න ගන්න නියම අමුද්‍රව්‍ය ලංකාවේ හිඟයි.
හොඳට තිබුණු රටක්, අපි වැටිච්ච තැනක්... මේ මොන මූසල කමක්ද? රට පුරාම පෝලිම්...
නිකන් පුම්බන කතා විතරයි... තවම පොහොර ටික දීගන්න බැරිවුණා..
ගොවි ජනතාව විසින්ම ලක්ෂ 69ක් දීලා බලයට ගෙන ආවා... දැන් සනීපද ගොවි මහත්වරුනේ? තව මාස 06ක් විතරයි ගියේ.. ඉතිරි ටිකේ තත්වය සිතිය හැකිද?
චන්දේ දවස්වල වේදිකාවේ කියනවා ඇහුනා ගොඩ මඩ දෙකම පොහොර අපි නොමිලේ දෙනවා කියලා. දැන් සැපද කියලා අහන්න තමා වෙන්නේ?
මොකද මේ පෝලිම් වල ඉන්නේ, අප්පච්චි පොහොර නිකන් දෙනවා කිව්වා නේද?
ඉස්සර විපක්ෂයේ ඉන්නකොට ලොකු කතා කිව්වනේ. දැන් ප්‍රශ්න...
පොහොර වලට, ආහාරවලටත් වඩා ප්‍රමුඛත්වයක් දිය යුතුයි... පොහොර නැති වුණොත් ආහාරත් නැහැ.. කළමණාකරණයේ විශාල දුර්වලතාවයක් මේකෙන් පෙන්නුම් කරන්නේ...
මේකත් කයිවාරු ආණ්ඩුවක්. මෙයාලට ඕන කොමිස් ගහන්න පුලුවන් ඉදිකිරීම් වගේ දේවල් කරන්න විතරයි. කිසිම තැනක කොම්පෝස්ට් පොහොර නම් ඇත්තේ නෑ. සති දෙකක් තිස්සේම මාත් හොයනවා තාම ගන්න නෑ..
නගරවලත් පොහොර කඩවල් වලත් දිගු පෝලිම්. ගෙවතු වගාව බොහෝ අය පටන් අරගෙන. ඒක හොඳ ප්‍රවණතාවයක්. කාබනික පොහොර වලට විශාල ඉල්ලුමක් තිබෙනවා. මේක අසාමන්‍ය අවස්ථාවක්. ඒත්, ඉතා ඉක්මනට ඉල්ලුමට සරිලන ලෙස පොහොර ලැබේවි යයි අපේ බලාපොරොත්තු වෙනවා.
තිබෙන තත්වය මත, නැතුව පෝලිම් හැදෙන එක නවත්වන්න බැහැ... ගොවියන්ට වගාවට පොහොර ටික නැහැ.. රටවහලා තිබෙනකොට ඒවා බෙදාහරින්න බැහැ.. වගාකටයුතු සිදු නොවුණොත් තව මාස දෙකක් යනකොට රටේ විශාල අාහාර හිඟයක් ඇතිවේවි... තවදුරටත් මෙහෙම ඉදිරියට ගියොත් සියල්ලන්ටම වෙන්නේ පෝලිම්වල හිඟන්නෝ වගේ ලැගලා දෙන දෙයක් කාලා බීලා නිකම්ම කලේ ගෙවන්නයි.. ඔය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන සංඛ්‍යා ලේඛන සත්‍යනම්, සාමාන්‍ය සමාජය තුළ කොරෝනා රෝගීන් අලුතෙන් හමුවීමක් නොමැතිනම් නැතිනම්, රට වහගෙන දිගින් දිගට අැඳිරිනීති දමාගෙන මේ කරන වැඩේ තේරුම කුමක්ද?
දරුවනේ නුඹලා තමයි හැමදාම කන්න දෙන්නේ හා දුක් විඳින්නෙත්.., බැට කන්නෙත් නුඹලාම තමයි...
දේශපාලනේදී තිබුන නොමිලේ පෝර දැන් නැද්ද?
අපේ ජනාධිපතිතුමා ගැන පුදුම ගෞරවයක් තියෙන්නේ මටනම් .....එතුමා මොනවා හරි කරයි..ඔය මිනිස්සු මොකටද පොහොර නැති වෙලාවේ වගා කරන්න යන්නේ? මේ වෙලාවේ මොකක් හරි කර්මාන්ත ශාලාවක වැඩට යන්න, රටට අවශ්‍ය ආහාර පිට රටින් ගෙන්න පුළුවන් අඩුවට. ජනාධිපතිතුමාට සහයක් වෙන්න ඕනේ මේ වෙලාවේ මිනිස්සු. එතුමාට තියෙන දර්ශනය අනුව රටේ දේවල් හැඩ ගැහෙන්න ඕනේ.
මේ කට්ටිය කලින් තිබුන ආණ්ඩුවට ඒ කාලේ බැන බැන හිටියේ ගොවියට හරියට පොහොර දෙන්නේ නැහැ කියලා. ඒ කාලේ ගොවියට පොහොර අර ගන්න මේ තරම් කරදරයක් තිබුනේ නැහැ. දැනුත් මේ ප්‍රශ්නයට කලින් ආණ්ඩුවට බනින එක තමයි මේ ආණ්ඩුව කරන්නේ.