IMG-LOGO

පොලීසිය හා උද්ඝෝෂකයින් අතර දැඩි උණුසුම් තත්වයක්

(එම් .සුසිල් ප්‍රියන්ත, ඥාණදාස රම්මුතු )

හිටපු අමාත්‍ය කරුණා අම්මාන් මහතා රනවිරුවන් ඝාතනය කලා යයි කියන ප්‍රකාශයකට විරෝධය දැක්වීම සදහා ජනතා අයිතීන් සුරකීමේ සංවිධානය සීනිගම දේවාලය අභියස අද (21 ) පැවැත්වීමට සංවිධානය කළ උද්ඝෝෂණයක් මීටියාගොඩ පොලීසිය මැදිහත්වී නවැත්වීමට කටයුතු කිරීමත් සමගම දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

විරෝධතා පුවරු ඔසවාගෙන උද්ඝෝෂණයේ යෙදීමට පිරිස සූදානම්වූ අවස්ථාවේදි එම ස්ථානයට පැමිනි මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරින් උද්ඝෝෂණ පැවැත්වීමට ඉඩ දිය නොහැකි බව පැවසීමත් සමගම දෙපාර්ශය අතර කතාබහක් ඇතිවූහ.

අවසානයේදී තමන් නීතියට ගරු කරන බව පවසමින් උද්ඝෝෂණයට සහභාගීවූ පිරිස විසිර ගියහ.



අදහස් (13)

පොලීසිය හා උද්ඝෝෂකයින් අතර දැඩි උණුසුම් තත්වයක්

Prabha Sunday, 21 June 2020 01:58 PM

මේ වෙනකල් කිසිම කෙනෙක් කරුණාගේ ඉතිහාසය දැන සිටියේ නැද්ද ?

:       0       36

නෙවිල් Sunday, 21 June 2020 02:17 PM

යුද සමයේ දෙපැත්තෙන්ම මැරුවා. හැබැයි කරුණා අම්මාන්ලා මැරුවේ හිටපු ජනාධිපති කෙනෙක් දුන්නු ආයුධ සහ සල්ලිවලින් නේද?

:       82       202

ධර්මාසෝක Sunday, 21 June 2020 02:28 PM

කරුණා අම්මාන් වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තනතුරකින් පිදුම් ලබනු පුද්ගලයෙකි. එවකට විමල්ලා, ගම්මන්පිලලා සිටියේත් මහින්ගේ රජයේය. රණවිරුවන් ගැන කතකරන දේශපාලන නායකයන් සහ ජනාධිපතිවරයකු සිටින රටක නීතිය කරුණාට ක්‍රියාත්මක නොවන්නේ මන්ද? අරන්තලාවේදී අහිංසක කුඩා භික්ෂූන් වහන්සේලා බස්රථ තුලදී කපා කොටා මරා දැම්මේ කවුද? අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය අභියස පොහොය දිනකදී භික්ෂූන් වහන්සේලා ඇතුළු බෞද්ධයින් පිරිසක් වෙඩි තබා මරා දැම්මේ කවුද? දළදා මාලිගාවට බෝම්බ තබා විනාශකළේ කවුද? පොලිසියේ 600ක් ඝාතනය කළේ කවුද? ලංකාවේ හමුදා සෙබළුන් විශාල පිරිසක් මරා දැමූ බව කරුණාම කියද්දී එම හමුදාවට නායකත්වය දුන් වර්තමාන ජනාධිපති මේ පිළිබඳව කියන්නේ කුමක්ද? වගකිවයුතු රජයක් නම් රටේ බෞද්ධ ජනතාවට මේ පිළිබඳව පිළිතුරක් ලබාදෙන්න..

:       0       211

සඳුන් Sunday, 21 June 2020 04:28 PM

බලන්න මේ ඡායාරූපය දෙස... කෝ මුව ආවරණ? කෝ සමාජ දුරස්ථභාවය...?

:       1       64

IRIS Sunday, 21 June 2020 04:32 PM

මේ මොනවද ඔයාලා කරන්නේ කරුණා දැන් රණවිරුවෙක්.

:       49       4

Mr Don Sunday, 21 June 2020 06:55 PM

කරුණා අම්මාන්ට විරුද්ධව උද්ඝෝෂණ කෙරුවොත් අතපය කඩාගන්න තමයි.

:       0       44

Banuka Monday, 22 June 2020 02:22 AM

මේ ආණ්ඩුව යටතේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවට එකේ ව්දියකටයි විපක්ෂයට තව විදියකටයි. හූල්ට විරුද්ද උද්ගෝෂණ හැමතැනම දැක්කා. පොලිසිය ඒවාට විරුද්දව මොනවත් කෙරුවේ නැහැ. පාස්කු ප්‍රහාරය වෙන්න කලින් දවසෙත් ඒක ගැන පොලිසිය දැනගෙන ඉදලා මොනවත් කෙරුවේ නැහැ. ඒ ආණ්ඩුව කළේ පොලිසිය වැඩ කෙරුවේ ඒ විදියට.

:       0       108

sunanda Monday, 22 June 2020 03:35 AM

එතකොට රාජිත?

:       0       48

rama Monday, 22 June 2020 04:19 AM

ප්‍රභාකරන්, සුමන්දිරන්, සම්බන්ධන්, ශිවාජිලිංගම් කියන දේවල් වලට උද්ඝෝෂණය කරන්නේ නැත්ද?

:       127       414

Perera Monday, 22 June 2020 05:28 AM

කරුණා අම්මාන් කියන්නේ ජාතික වීරයෙක්නේ... ඔහු අරන්තලාවේ භික්ෂු ඝාතනය පසුපස හිටියනේ... දළදා මාලිගාවට බෝම්බ ගැසීමට සැලසුම් කළා... නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කරන්න නියෝග දුන්නා කියන්නේ මේ බොරු කතානේ... නැද්ද මන් අහන්නේ?

:       2       261

lal Monday, 22 June 2020 01:49 PM

දන්නේ නැති හින්දයි අහන්නේ... දැන් තාජුඩීන් ඉන්නේ කොහේද?

:       1       16

PereraTuesday, 23 June 2020 04:35 AM

දැන් තාජුඩීන්ලා ඉන්නේ රසපරීක්ෂකගේ විද්‍යාගාරයේ වත්ද?

:       0       0

Kotiya Monday, 22 June 2020 10:57 PM

කබරගොයා එක්තරා කාලයක් තලගොයා වුණා... ඉදිරියටත් රාජපක්ෂලා හිතන්නේ එහෙමයි. BBS, හෙළ උරුමය, JVP එකයි කට වහගෙන ඉන්න එක හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 919 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1315 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site