කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනයට පනවා තිබෙන නියෝග නොතකා කටයුතු කරන පිරිස්වලට වෙඩි තබන්නැයි පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාර්ටේ එරට ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පිලිපීනයේ ඇතැම් ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වසා දමා ඇත. එම ප්‍රදේශවල කලබල ඇති කරන ඕනෑම අයකුට වෙඩි තබන්නැයි පිලිපීන ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
‘‘සම්පූර්ණයෙන් වසා දමා තිබෙන පැතිවල කරදර කරන කලබල කරන ඕනෑම අයකුට වෙඩි තබන්නැයි මම පොලිසියට, හමුදාවට සහ ගම්මානවල ප්‍රධානීන්ට නියෝග කරනවා. මැරෙන්ම වෙඩි තියන්න. කරදර කරන කලබල කරන ඕනෑම කෙනෙක් මං වළට යවනවා’’ යැයි පිලිපීන ජනාධිපතිවරයා කීය.
පිලිපීනයේ සමස්ත ජනගහනය මිලියන 110කි. එයින් අඩකට වඩා වැඩි පිරිසක් ‘ලොක්ඩවුන්’ නියෝගවලට යටත්ව සිටින අතර තවත් මිලියන ගණනක් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇත. රට වසා දැමීමේ නියෝග යනාදී දැඩි නියෝග හේතුවෙන් දස දහස් ගණනකට රැකියා අහිමි වී තිබේ. පිලිපීන ජනගහනයෙන් මිලියන ගණනක් දැඩි දුප්පත්කමෙන් පෙළෙති.
දුප්පත් ජනතාවට ප්‍රමාණවත් පරිදි ආහා ඇතුළු ද්‍රව්‍ය නොලැබෙන බවට ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. එසේ උද්ඝෝෂණය කළ මැනිලා නුවර මුඩුක්කු ප්‍රදේශයක 12 දෙනකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පියවර ගෙන තිබිණි.
අද (2) පස්වරු 4 වනවිට කොරෝනා වයිරසය හේතුවෙන් පිලිපීනයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,663ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 107ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තමන්ගේ රටට අවංකව ආදරය කරන නායකයන්... තමන්ගේ රටේ පුරවැසියන් ආරක්ෂා කිරීමට නොබියව ගත යුතු තීරණ ගත යුතුමයි, එහිදී අර හිමිකම් මේ හිමිකම් වැඩක් නැත. මුලික දෙය රටේ මිනිසුන්ගේ ආරක්ෂාවය.
ලංකාවෙ ලෙඩ හංගං දොස්තරවරු අමාරුවෙ දාන අයටත් වෙඩිතියන්න නියෝග දෙන්න....
ලංකාවේ වෛද්‍ය සංගමය අනුව එක රෝගියෙකුගෙන් අඩුම තරමේ 500 දෙනෙකුටවත් රෝග කාරක විෂබීජ පැතිරවිය හැකිය. තවවිදියකින් කිවොත් එක්කෙනෙකුට අඩුමගානේ පන්සීය දෙනෙකුටවත් මරණ මංචකයවෙත ගෙනයා හැකිය. මානව හිමිකම් කට්ටිය කෙසේ අර්ථකථනය කලත් , එකෙක්ව වෙඩි තියලා මරණ එක සුභාවාදියි පන්සියක් දෙනෙකුට මරණය ලඟා කරනවා වෙනුවට. ඒ පැත්තෙන් බැලුවොත් පිලිපීන ජනාධිපති හරියට හරි. තවත් බලවත් රටක ප්‍රධාන පුරවැසියා ප්‍රසිද්දියේ කියලා තිබුනේ කොරෝනා මරණ සංඛ්‍යාව 100000 ක් වුනොත් ඉතා විශිෂ්ටයි කියලා. පිලිපීන ජනාධිපති බලනවා එක්කෙනෙක් මරලා හරි තම රටවැසියන් 500කගෙ ජිවිත බේරාගන්න. අනිකා කියනවා 100000ක් මැරුනොත් ඇති විශිෂ්ටයි කියලා. කොයි කෙනාද මානව හිතවාදී?
ප‍්‍රණාමය.... ඕනෑම ජනාධිපතිවරයෙක් මෙය කළ යුතු අතර රට එලෙසම තබා ගත යුතුය.
හිට්ලර්ගේ මොඩල් එකේ පිස්සෙක් , එහෙම මිනිස්සු මරන්න පුලුවන්ද ?
මේ නීතිය අපේ රටටත් ගෙන්න ගන්න තමයි මහර විනය කඩන මිනිස්සු හදන්නේ රජයේ උපදෙස් පිලිපෙද්දනම් මෙච්චර වැඩි වෙන්නේ නැහැ දඩුවම් වැඩි කරන්න වෙනවා
පුළුවන් - වැඩි දෙනෙකුගේ යහපත තකා