( ක.ග.කරුණාරත්න )
පොළොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමඟ සෘජු සම්බන්‍ධකම් පැවැත්වූ බව කිවන 46 දෙනෙකු නිරෝධායනය සඳහා මඩකලපුව දිස්ත‍්‍රික්කයට අයත් පනිච්චන්කර්නි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා තිබෙන බව පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි.
ඊට අමතරව දෙහිඅත්තකණ්ඩිය,සිරිපුර පලූදෙණිය ප‍්‍රදේශයේ වෙසෙන, කොරෝනා වයිරසය ආසාදිත නාවික සෙබළාගේ බිරිඳගේ මව, පියා,ඇතුලූ පිරිසක් පොලාන්නරුව පුලස්තිගම පිහිටි නිවෙසට පැමිණ ගොස් ඇතිබවට තොරතුරු ලැබීමෙන් පසුව ඔවුන් ඇතුලූ නව දෙනෙකු නිරෝධායනය සඳහා පුනානී නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ බව සෞඛ්‍ය අංශ සඳහන් කලේය.
මේ අතර එම කොරෝනා රෝගියා හමුවූ පොලොන්නරුව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දැනට හුදෙකලා කර ඇති ග‍්‍රාම නිලධාරී වසම් 12 තුල වෙසෙන 22,000 කට අධික පිරිසක් සිය නිවෙස් තුල ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයිද සෞඛ්‍ය අංශ අනාවරණය කලේය.
2025 දෙසැම්බර් මස 04
193
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
374
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුලතිසිගම ආසාදිතයා සමග සබඳකම් පැවැත්වු 46ක් නිරෝධායනයට