IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ප්‍රංශයේ අවන්හල්-වෙළඳසැල්-සිනමාහල් වසා දමයි

ප්‍රංශයේ කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 91 දක්වා ඉහළ යාමත් සමඟ එරට ආපනශාලා, වෙළඳසැල්, සමාජශාලා සහ සිනමාශාලා වසාදැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ප්‍රංශයේ අග්‍රාමාත්‍ය එඩුවා පිලිප් මහතා පැවසුවේ, මේ සියවසේ විශාලතම සෞඛ්‍ය තර්ජනය කොරෝනා බවය.

සෙනසුරාදා දිනයේදී අග්‍රමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, රජයට බලපෑමක් ඇති නොවන, අත්‍යවශ්‍ය නොවන, මහජනයා ගැවසෙන ස්ථාන වසාදැමීමට තීරණය කළ බව ය. පොදු ප්‍රවාහන සේවය තවදුරටත් ක්‍රියාත්මක වන නමුත්, ඒවා භාවිත කිරීම සීමා කරන්නැයි ද නගර අතර සංචාරය අඩු කරන්නැයිද  අගමැතිවරයා මහජනයාට දැනුම්දුන්නේය.

ප්‍රංශයේ ආර්ථිකය බිලියන ගණනින් පසුබැස්සවීමට හැකියාව ඇති කොරෝනා වයිරසය ව්‍යාප්තවීම නවතාලීම සඳහා ඉදිරි මාස කිහිපයේදී සිය රටවැසියන්ට තදබල කැපකිරීම් කිරීමට සිදුවනු ඇතැයි ද හෙතෙම පැවසීය.

කෙසේවුවත්, අද පැවැත්වීමට නියමිතව ඇති මැතිවරණ කටයුතු එලෙසින් ම පවත්වන බවද ඔහු කීය.

ප්‍රංශයේ ආගමික ගොඩනැගිලි, දේවස්ථාන ආදිය වසා නොදැමෙන නමුත්, ජනයා ගැවසෙන ආකාරයේ ආගමික උත්සව සහ මෙහෙයන් කල්දැමීමට ද බලධාරීන් උපදෙස් ලබා දී ඇත.

සෙනසුරාදා දිනයේදී ප්‍රංශයේ වයිරසය ආසාදනය වූවන් සංඛ්‍යාව 4499 දක්වා ඉහළ ගිය අතර, මේ වනවිට එහි මිය ගිය පුද්ගලයන් ගණන 91කි.



අදහස් (0)

ප්‍රංශයේ අවන්හල්-වෙළඳසැල්-සිනමාහල් වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site