ප්‍රංශයේ ජර්මන් හා ස්විට්සර්ලන්ත දේශසීමා ආසන්නයේ පිහිටි මුල්හවුස් නගරයේ එවැන්ජලිස්ත දේවස්ථානයක වාර්ෂික පූජ්‍යෝත්සවය ආරම්භ වීමට තිබුණේ සුළු වේලාවකි.
“අපි දෙවියන්ගේ මහිමය වර්ණනා කිරීමට සූදානම් වී සිටිමු. ඔබට එහි සතුට දැනෙනවාද“ යයි දේශකයාණෝ රැස්ව සිටි ජනකායෙන් විමසූහ.
“ඔව්“ යයි ‘ක්‍රිස්ටියන් ඕපන් ඩෝර්‘ යනුවෙන් හැඳින්වෙන දේවස්ථානයේ රැස්ව සිටි දහස් ගණනක් එක හඬින් පැවසූහ. ඒ පසුගිය පෙබරවාරි 18 වැනිදාය.
එදින ආරම්භවුණු මෙම දේව මෙහෙය දින පහක් පුරා පවත්වා තිබේ. ඒ සඳහා බැතිමත්හු සැතපුම් දහස් ගනනක් දුර ගෙවා පැමිණ ඇත. ඔවුන්ගේ වන්දනා කැලැන්ඩරයේ උච්චතම අවස්ථාව මෙයයි. එහෙත් මේ වතාවේදී එතැන කොරෝනා වයිරසය ආසාදිත වූවෙක් සිටියේය.
ජර්මනියත් ස්විට්සර්ලන්තයත් ප්‍රංශයෙන් වෙන් කෙරෙන දේශසීමාව ආසන්නයේ පිහිටි මුල්හවුස් නම් කුඩා ග්‍රාමයේ ජනගහණය 100,000 කට ආසන්නය.
සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ප්‍රංශයේ කොවිඩ් - 19 ආසාදනයවුණු විශාලම කණ්ඩායම මෙම දේව පූජාවෙන් ආරම්භ වී ඇති බවයි. මේ දක්වා තහවුරු වූ රෝගීන් 2500 ක් පමණ දෙනා එහි සිට ඇත. මෙහිදී වයිරසය ආසාදනය වූවන්ගෙන් 17 දෙනකු මියගොස් ඇති බවද ඔවුහු පවසති.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙම උත්සවයට සහභාගී වූ පිරිස විසින් නොදැනුවත්වම ලෝකයේ රටවල් ගනනාවකට ද කොවිඩ් වයිරසය ගෙන ගොස් ඇති බවයි. බටහිර අප්‍රිකාවේ බර්කිනා ෆාසෝ, මධ්‍යධරණී දූපතක් වන කොර්සිකාව, ලතින් ඇමරිකාවේ ගයනා සහ ස්විට්සර්ලන්තය ද ප්‍රංශයේ න්‍යෂ්ටික බලාගාරයක් වෙත ද මෙන්ම යුරෝපයේ දැවැන්තම මෝටර් රථ නිෂ්පාදනාගාර තුළටත් ඔවුහු වයිරසය ගෙනගොස් ඇතැයි පැවසේ.
සති කිහිපයකට පසු ජර්මනිය ප්‍රංශයේ දේශ සීමා අර්ධ වශයෙන් වසා දැමූහ. එහෙත් ඒ වන විට වෙන්නට ඕනෑ හරිය සිදුවී හමාරය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව මෙම උත්සවය පැවැත්වෙන විට ප්‍රංශයේ ආසාදිතයන් සංඛ්‍යාව 12කි. මුල්හවුස් පළාතේ ආසාදිතයන් කිසිවකු නොසිටියේ ය.
උතුරු යුරෝපයේ අනෙක් රටවල් මෙන් ප්‍රංශයද විශාල රැස්වීම් වලට කිසිදු තහංචියක් පනවා නොතිබිණි. අත් සේදීමට මධ්‍යසාර මිශ්‍රිත විෂබීජ නාශක නොතිබිණ. අතට අත දීම වෙනුවට වැලමිටෙන් සුබපැතුම් පිරි නැමීම නොකෙරිණ. එහෙත් මේ වන විට ප්‍රංශය පුරාම භයංකාර තත්ත්වයක් ඇතිවී තිබේ.

ප්‍රංශයේ මේ වනවිට කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යන අතර රෝගීන් 40,174ක් වාර්තා වී ඇත. මරණ 2,606ක් සිදුවී තිබේ. සුව වූ සංඛ්‍යාව 7 202කි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
සැම රටකම පහේ දේව මෙහෙයන්, ආගමික උත්සව නිසා තමයි රෝගය පැතිරිලා තියෙන්නේ. මෙවැනි උත්සව දිගු කලකට තහනම් කර ආගම ඇදහීම නිවසට සීමා කළොත් යහපත් නොවේද ?
දෙයියන්වත් බාල්දු කරන පාස්ටර්ලා...!
මාර් තු 25 ඇදිරි නීතිය දාලා තියෙද්දීත් බෙරුවල මුස්ලිම් ආහාර උත්සවය පැත්වීමෙන් වෙන්නෙත් ඔකමයි.
දෙවියෝ මතක්වෙන්නේ මේවගේ වෙලාවට තමයි....
දෙවියන් ගේ කැමැත්ත අනුව සියල්ල සිදුවේ....
කවදාකවත් කවුරුත් නොදැකපු කෙනෙක් පසු පස යෑම නිශ්ඵල ක්‍රියාවක් බව දැන්වත් මිනිසුන් තේරුම් ගත යුතුයි.
ඔය කොරෝනාව හැදෙන්න ඕනා ක්‍රිස්තියානු රටවල් වල ඉඳගෙන පින් පත් කෙලින අයට... නේද පිටිගල මිලානෝ?
දේව සංකල්පයට එරෙහිව, දෙවියන් අදහන රටවල් වල බැල මෙහෙවරකම් කරමින් හිඟන කම විකුණාගෙන කුසගිනි නිවා ගන්නා අතර, බඩේ තෙල දමා, තෙල දියවෙන තුරු දෙවියන්ට අපහාස කරන මේ අමනයින්ට දියුණු රටවල පිණ්ඩපාතය යෙදීම හැර වෙන මොන සරණක්ද?
දෙවියන් ලෙඩ සනීප කිරීම වෙනුවට ලෙඩ බෝකර ඇත.
එතකොට මාතර තිබුණ රැස්වීම ගැන මොනවාද හිතෙන්නේ ?
පටන් ගන්නකොටම මක්කම වැසුවා. වතිකානුව වැසුවා. මෝඩ මිනිසුන්ට දෙවියෙක් නැතිබව තවම තේරෙන්නේ නැතිකමයි තියෙන්නේ. ඉන්දියාවේ තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නවා. ලක්ෂ සංඛ්‍යාත දුප්පත් ජන ගඟක් කිලෝ මීටර් 100-200 දුරක් ගම් නියම් ගම් බලා පයින් යනවා. ඔවුනට අහරක් නැතිව කිසිම පිහිටක් නැතිව චුටි දරුවන් කර මත ඔසවාගෙන පාරවල් දිගේ යනවා. මේක තමයි සතරමහා අපාය. කෝ දෙවිවරු ? අද දෙවිවරු වැනි මිනිසුන් රෝහල් වල සේවය කරන සැමෝම පාරවල් රකින පොලිස් නිලධාරින්, හමුදා නිලධාරින් දුප්පත් මිනිසෙකුට, සත්වයෙකුට ආහාර වේලක් දෙන මිනිසුන් අතරේ මෙවැනි උදව් උපකාර කෙරෙන්නේ ලංකා මාතාව තුළ ඉන්න දරුවන් විතරයි. මීට පසුව ඉන්දියාවට ගිහින් කමිස ගලෝලා ලැජ්ජා නැතිව බිම වැටිලා වහල්ලු වගේ බිම දිගා වෙන මිනිසුන්ට මෙය පාඩමක් .
මෙය ඉතාම පැහැදිලිවම ඔප්පු කරමින් සිටී යම් රෝගයක් වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කළ පසු එය කුමන වූ හෝ ආ ගමකට ආගම් කතෘවරයකුට අජීවමාන බලවේගයකට නැවැත්විය නොහැකි බවයි. එය වැළැක්විය හැක්කේ විද්‍යාත්මක ක්‍රමවේද පදනම්ව පමණී. අද කොරෝනා හමුවේ මේ සියලු දේ අවලංගුවෙමින් පවතී. මේ කියන්නේ ඒ සත්‍යයයි.
දෙවියන්ට සියල්ල කල නොහැකිය...