IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ප්‍රවාහන සේවා විධිමත්ව පවත්වාගැනීමට කාර්ය සාධක බලකායක්

(ඩයනා උදයංගනී)

කොවිඞ් 19 වසංගත තත්ත්වය පාලනය වන තෙක් පොදු ප‍්‍රවාහන සේවා සෞඛ්‍යාරක්‍ෂිතව හා විධිමත්ව පවත්වාගෙනයාම සදහා මගී ප‍්‍රවාහන සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කාර්ය සාධක බලකායක් පත්කර තිබේ.  

මෙම ප‍්‍රවාහන සේවා කළමනාකරණ කාර්යය සාධක බලකායේ සභාපතිවරා ලෙස අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා පත් කර ඇත.

මෙම කාර්ය සාධක බලකායේ ලේකම්වරයා වශයෙන්  අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ. ඒම්. තිලකරත්න බණ්ඩා පත්කර ඇති අතර එය  සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විතය.  

සියලූම පොදු ප‍්‍රවාහන සේවාවන් මනාව සැලසුම් කිරීම, සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් ක‍්‍රියාත්මක කිරීම, මෙහෙයවීම, නියාමනය හා බලාත්මක කිරීම යන කරුණු සඳහා මෙම ප‍්‍රවාහණ සේවා කළමනාකරණ කාර්ය සාධක බලකාය පත් කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කොවිඞ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් ජනතාව වෙත හිරිහැරයක් හෝ බාධකයක් ඇති නොවන පරිදි ප‍්‍රවාහන සේවාවන් පවත්වාගෙන යාමත්, සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීම තුළින් පොදු ප‍්‍රවාහන සේවා ඔස්සේ කොවිඞ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමත් මෙම බලකාය පත්කිරීමේ අරමුණු බව ද ඇමතිවරයා සදහන් කළේය.

බස් රථ සංගම්වල සභාපතිවරු, දුම්රිය සාමාන්‍යාධිකාරි, ලංකා ගමනාමගන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිසම, යන ආයතනවල සභාපතිවරු ද,  පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිවල සභාපතිවරු ද මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයකු ද මෙම බලකායට ඇතුළත් වේ.

මහජනතාවට ප‍්‍රවාහණ සේවාවන් සම්බන්ධයෙන් කිසියම් අපහසුතාවයක් වෙතොත් එම කාර්ය සාධක බලකායේ සභාපති (011 2187233), මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය (011-2187200) හා ලේකම්  (0714410568) යන දුරකතන අංක ඔස්සේත්,  011- 2865093  යන ෆැක්ස් අංකය මගිනුත් ඒ බව දැනුම් දිය හැක.



අදහස් (1)

ප්‍රවාහන සේවා විධිමත්ව පවත්වාගැනීමට කාර්ය සාධක බලකායක්

Samitha Senaka Aluthgamage. Saturday, 16 May 2020 02:47 AM

වසංගත තත්වය අවසන් වනතෙක් ... යනුවෙන් මෙහි සඳහන් වෙනවා.ඒ කියන්නේ නැවතත් පෙර පරිදිම පොල් පටවනවා වගේ, වව්ලන්ව වගේ එල්ලාගෙන යන්න ඉඩදෙනවා කියන එකද ? කරුණාකර මගීන්ට ගෞරවාන්විතව ආසනයක වාඩිවී ගමනක් බිමනක් යාමට ඉඩ ලබා දෙන්න.මිනිසුන් පිනට යනවා නොවෙයි. දේශපාලකයන් ජනතා මුදලින් අධි සුඛෝපබෝගී යාන වාහනවල යනවා.බස් බොඩි ගැසූ ඉන්දියානු ලොරියක මුදල් ගෙවා වාඩිවී යාමේ අයිතියවත් මගියෙකුට තිබිය යුතුයි නේද?

:       0       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 630 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 828 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 358 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site