IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


පාරිභෝජනයට නුසුදුසු බී ලූණු කිලෝ 3000 ක් කැකිරාවෙන් සොයාගනී

(කුෂාන් ජයවරධන)  

මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ලූණු කිලෝ 3000 කට ආසන්න ප්‍රමාණයක් කැකිරාව උඩනිදිගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අද (17) සොයා ගනු  ලැබීය.

මෙම බී ලූණු තොගය යළි පිරිසිදු කර වෙළදපලට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ බව  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කළහ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලද තොරතුරක් අනුව  සිදුකරන ලද වැටලීමකදී එම ලූණු තොගය සොයා ගැනීමට හැකිව තිබිණ.

වැටලීම සිදුකරන අවස්ථාවේදීත් ප්‍රධාන සැකකරු තවත් පිරිසක් සමඟ බී ලූණු තොගය පිරිසිදු කරමින් සිට ඇත.

සැකකරු මෙලෙස රැගෙනවිත් ඇත්තේ දඹුල්ල විශේෂ ආරථීක මධ්‍යස්ථානයෙන් ඉවත දමන ලද බී ලූණු තොගයක් බවට  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන ලද විමර්ශනවලදී අණාවරණය කර ගෙන තිබේ.

අදාළ බී ලුණූ තොගය ඇතුළත් නිවස මුද්‍රාතැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.

මෙම ජාවාරම සිදුකර ඇත්තේ කැකිරාව උඩනිදිගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරැ බැදුම්කරයක් මත මුදා හැරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු  එහිදී  කටයුතු කළ අතර එම සැකකරු හා ඔහු සන්තකයේ තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ලූණු තොගය හෙට (18) කැකිරාව දිසා / මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.     

 



අදහස් (0)

පාරිභෝජනයට නුසුදුසු බී ලූණු කිලෝ 3000 ක් කැකිරාවෙන් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 83 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 921 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2538 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site