කොරෝනා වයිරසය හේතුවෙන් අද (2) පස්වරු 3න් අවසන් වූ පැය 24ක කාලයේදී ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ ගණන 950ක් යැයි එරට රජය ප්‍රකාශ කළේය.
කොරෝනා වයිරසය හේතුවෙන් දිනක් තුළ ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම මරණ ගණන එය වූ අතර මීට පෙර දිනක් තුළ වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ ඉතාලියෙනි.
ඒ පසුගිය සිකුරාදා වන අතර එදින පමණක් ඉතාලියෙන් වාර්තා වූ මරණ ගණන 919කි.
අවසන් පැය 24දී මරණ 950ක් වාර්තා වීමත් සමඟ ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන දස දහස පසු කළේය.
ඒ අනුව කොරෝනා වයිරසය හේතුවෙන් එරටින් වාර්තා වූ සමස්ත මරණ ගණන 10,003 දක්වා ඉහළ ගියේය. ඊට පෙර දිනක් තුළ ස්පාඤ්ඤයෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ බදාදා දිනයේදී. එදින පමණක් එරටින් වාර්තා වූ මරණ ගණන 864කි.
සතියකට පසු දිනක් ඇතුළත ඉතාලියෙන් වාර්තා වූ අඩුම මරණ ගණන පෙරේදා වාර්තා වූ අතර එය 727ක් විය.
මාර්තු 26 වැනිදායින් පසු දිනක් ඇතුළත ඉතාලියෙන් වාර්තා වූ අඩුම මරණ ගණන එය විය. කොරෝනා වයිරසය හේතුවෙන් අද (2) පස්වරු 4 වනවිට ඉතාලියෙන් වාර්තා වූ සමස්ත මරණ ගණන 13,155ක් වූ අතර එරට සමස්ත ආසාදිතයන්ගේ ගණන 110,574ක් විය.
ඒ.එෆ්.පී./ ද ගාඩියන්
055
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
292
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැය 24 කදී ස්පාඤ්ඤයෙන් මරණ 950