IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පැය 24 කදී ස්පාඤ්ඤයෙන් මරණ 950

කොරෝනා වයිරසය හේතුවෙන් අද (2) පස්වරු 3න් අවසන් වූ පැය 24ක කාලයේදී ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ ගණන 950ක් යැයි එරට රජය ප්‍රකාශ කළේය.

කොරෝනා වයිරසය හේතුවෙන් දිනක් තුළ ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම මරණ ගණන එය වූ අතර මීට පෙර දිනක් තුළ වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ ඉතාලියෙනි.

 ඒ පසුගිය සිකුරාදා වන අතර එදින පමණක් ඉතාලියෙන් වාර්තා වූ මරණ ගණන 919කි.
අවසන් පැය 24දී මරණ 950ක් වාර්තා වීමත් සමඟ ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන දස දහස පසු කළේය.

 ඒ අනුව කොරෝනා වයිරසය හේතුවෙන් එරටින් වාර්තා වූ සමස්ත මරණ ගණන 10,003 දක්වා ඉහළ ගියේය. ඊට පෙර දිනක් තුළ ස්පාඤ්ඤයෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ බදාදා දිනයේදී. එදින පමණක් එරටින් වාර්තා වූ මරණ ගණන 864කි.

සතියකට පසු දිනක් ඇතුළත ඉතාලියෙන් වාර්තා වූ අඩුම මරණ ගණන පෙරේදා වාර්තා වූ අතර එය 727ක් විය. 

මාර්තු 26 වැනිදායින් පසු දිනක් ඇතුළත ඉතාලියෙන් වාර්තා වූ අඩුම මරණ ගණන එය විය. කොරෝනා වයිරසය හේතුවෙන් අද (2) පස්වරු 4 වනවිට ඉතාලියෙන් වාර්තා වූ සමස්ත මරණ ගණන 13,155ක් වූ අතර එරට සමස්ත ආසාදිතයන්ගේ ගණන 110,574ක් විය.

ඒ.එෆ්.පී./ ද ගාඩියන්

055



අදහස් (0)

පැය 24 කදී ස්පාඤ්ඤයෙන් මරණ 950

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site