කටාර් රාජ්‍යයෙන් අවසන් පැය 24ක කාලයේදී කොරෝනා වයිරස ආසාදිතයන් 1,993 දෙනකු හඳුනාගත් බවත් මරණ 3ක් වාර්තා වූ බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
ඒ අනුව කටාර් රාජ්‍යයෙන් අද පස්වරු 6 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 32,267ක් දක්වා ඉහළ ගිය අතර එරටින් වාර්තා වූ මරණ ගණන 36ක් ලෙස දැක්විණි.
අවසන් පැය 24 දී වයිරසය ආසාදනය වූ 5,205 දෙනකු සුවය ලැබූ බවත් ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත ගණන 20,604ක් දක්වා ඉහළ ගිය බවත් කටාර් සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර කටාර් වල අතරමන් වෙලා ඉන්න අපේ ශ්‍රමිකයෝ ගෙන්වා ගන්නේ නැත්තේ මොකද ? වහලා තිබෙන ඉස්කෝලවල හරි දමලා නිරෝධායනය කරගන්න පුළුවන් නේද?