(කාංචන කුමාර ආරියදාස)
රටපුරා එළවළු බෙදාහැරීමේ නව ක්‍රමවේදය යටතේ පැය 12 ක පමණ කාලයක් ඇතුළත දිවයිනේ ඕනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් වෙත දඹුල්ලේ සිට එළවළු ගෙනවිත් බාර දීමට හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා අද(08 ) දින පැවසීය.

ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා එළවළු දඹුල්ලේ එළවළු මෙහෙයුම් කාර්යාලය මගින් සිදු කෙරෙන කාර්යය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ක්‍රිස්ටි විජේරත්න මහතා මේ බව සඳහන් කළේය.
දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනමේ සභාපති ආර් . බී .හේරත් මහතා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැවුල මහතා ද එක් වෙමින් නව එලවලු බෙදා හැරීමේ ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කරනු ලැබීය.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියා සිටියේ එළවලු ව්‍යාපාර සිදුකළ යුත්තේ තම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගොස් තමන්ට අවශ්‍ය එළවළු ඇනවුම ප්‍රාදේශිය ලේකම්වරයා වෙත ලබාදෙන ලෙසය .
එම ලබාදෙන ඇණවුම් එම අවස්ථාවේම විද්‍යුත් තැපෑල මගින් හා ෆැක්ස් මඟින් දඹුල්ල මෙහෙයුම් කාර්යාලයට ලැබෙන බවත් ඒ අනුව එම ඇණවුම් ආර්ථික මධ්‍යම ව්‍යාපාරිකයින් හරහා ගොවීන්ට ලබා දී ගොවි නිෂ්පාදන ඉතා පිරිසිදු පැය 12 ක පමණ කාලයක් ඇතුළත නැවත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ලොරි මගින් ප්‍රවාහන කර දීම සිදු වෙන බව ය.
මෙමඟින් අතරමැදි ජාවාරම්කරුවන් ගෙන් තොර නිශ්චිත මිල ගණන් යටතේ පිරිසිදු එළවළු තොග ලබාදීම සිදුකරන බවද හෙතෙම පැවසීය.
දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනම සභාපති ආර් .බී .හේරත් මහතා කියාසිටියේ දිවයින පුරා විසිරී සිටින ගොවීන්ගෙන් අඩු මුදලට එළවළු ලබාගෙන තැන තැන විශාල මිල ගණන් යටතේ අලෙවි කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවය.
එමනිසා එවැනි කූට ජාවාරම්කරුවන්ට හසුනොවී රජය විසින් ක්‍රියාත්මක කොට ඇති යාන්ත්‍රණය හරහා ඉහළ මිල ගණන් යටතේ තම නිෂ්පාදන ව්‍යාපාරික මහතුන් සමග එක්ව අලෙවි කර ගන්නා ලෙසය එලෙස තමන් ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව ය.
එමෙන්ම ආර් .බි. හේරත් මහතා වැඩිදුරටත් එළවළු මිලදී ගන්නා මිල ගනන් පිළිබඳවද ජනතාව දැනුවත් කළේ ය..

COMMENTS
ඕව ගන්න ඉදිරි සතිය දෙක වෙනකොට අපට මුදල් නැහැ... දැන් කන්නේ බොන්නේ රත්‍රන් බඩු උකස් කරපු මුදල් වලින්...
කිව්වට කරයිද? ඒකනේ ප‍්‍රශ්නේ...
කටින් බතල ඉන්දවනවා වගෙයි ....
නියම වැඩක්..., හැමදාටම හොදයි..
කියන්ඩ ලෙහෙසියි. බලමුකෝ කෙරෙන හෙටි.. දේශපාලුවන්ගේ ගෙවල්වලද දන්නෙත් නැහැ .
මහලොකුවට කතා කරනව කිසිම බඩු හිගයක් නැහැ... ඇති තරම් තියනව කියල, එත් මෙ අයට තෙරෙන්නෙ නැද්ද? පැය 24ම ගෙදරට වෙලා ඉන්න මිනිස්සුන්ට මෙව ගන්න සල්ලි කොහෙන්ද කියල. මෙහෙම ගියොත් කොරොනා වලින් නෙමෙ බඩගින්නෙ මැරෙන මිනිස්සු තමයි ඉන්නේ...
කොරෝනා වලින් නොව මන්දපෝෂණයෙන් මිනිසුන් මිය යයි... මෙහෙම ගියොත් හිතන් ඉන්නේ පෙට්ටගම්වල සල්ලි පුරවන් ඉන්නවා කියලා..
මේ වෙනකොට සමහර පෙති වලට එළවළු ලොරි ඇවිල්ලවත් නැහැ. ඔය කියන විදියට දේසපාලුවන්ගේ දොරකඩට නම් එළවළු යයි වගේ...
මෙහෙම හැමදාම ඇදිරිනීතිය දාගෙන කොරෝන මඩින්න බෑ. තව සතියක් මෙහෙම තිබුනොත් වෙඩි කන්න හරි මිනිස්සු පාරට බහිනවා....
කටින් බතල හිටවීම....
පළාත්වල එළවලු සැමදාම ලේකම් කාර්යාලයේ විකිණීමට ඉඩ සැලසීමෙන් එම ප්‍රදේශයේ ජනතාවට කුඩා වෙළඳසල් වලින් ලබා ගත ඇහැකි නේද ? සමාවෙන්න එතකොට දේශපාලුවට ගාන යන්නේ නැහැනේ ?
"පළාත්වල එළවලු සැමදාම ලේකම් කාර්යාලයේ විකිණීමට ඉඩ සැලසීමෙන් එම ප්‍රදේශයේ ජනතාවට අතරමදියන්ට ලොස් නේද? මොවුන් නිකන් සිටීද? මෙය මුළිනම විසදා සිටිනු.. මෙම නව ප්‍රවනතාව ඉතා හොදයි.. රජයට ජය...!!!
මීට සමගාමීව ගෙදර සිට මුදල් නෝට්ටු මුද්‍රණය කළහැකි යන්ත්‍ර බෙදා දීමක් සිදු කළානම් හොදා....