ප්‍රින්ස් රත්නායක
වැලිසර සිට නිවාඩුවට පැමිණි නාවික හමුදා සෙබලා සමග සමීපව කටයුතු කළ පුද්ගලයින් 10 දෙනෙක් දින අද 24 වැනිදා සිට දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බව බෙලිහුල්ඔය මහජන සෞඛ්‍ය පරීක්ෂක බී. එල් කේ. කුමාරසිංහ මහතා පැවසීය .
නිවාඩුවට පැමිණි සෙබලා වේරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුගේ නිවැසියන් හා ප්‍රදේශයේ හිමි නමක් මෙන්ම පඹහින්න, සීලගම හා බෙලිහුල්ඔය ප්‍රදේශයන්හි පුද්ගලයින් 10 දෙනෙක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
එම දින 14 න් අනතුරුව අවශ්‍ය වූවහොත් ඉදිරි පියයවර ගැනීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කුමාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර වෙදකමට බැරි නම්, අර සිංහල, ආයුර්වේද වෙදමහත්තුරු කිහිපදෙනෙක් කියල තියෙනවනේ ඔවුන්ගේ බෙහෙත් වට්ටෝරු තියෙනවා කියලා, කුහක කම් නැතිව පොඩ්ඩක් එකතු වෙලා උත්සහ කලොත් නරකද. මේක මේ තමන්ගේ වෙදකම ගරුඝාම්බීරයි කියන්න වෙලාවක් නෙවි,කරන්න පුළුවන් හැමදෙයක්ම උත්සහ කරන එක...
තවමත් ඔප්පු කරලා නැති ජපන් පෙත්ත ගෙනෙන්න තිබුණු උනන්දුව ලංකාවේ සුප්‍රසිද්ධ , ඉංග්‍රීසි බෙහෙතට හොඳ කරන්න බැරි ලෙඩ සිංහල බෙහෙතෙන් හොඳ කරපු වෙදමහත්තුරු සතු බෙහෙත් වට්ටෝරු වලට නැත්තේ මොකද. ජපන් බෙහෙතේ වගේ වගක් දන්නේ නැතිව අපිට බෙහෙත පොවන්න දඟලන ලංකාවේ දොස්තරලා සිංහල බෙහෙතේ වට්ටෝරුව ඉල්ලලා පොරකනවා ,නැතිනම් බෙහෙත දෙන්න බැහැ කියනවා.. ආණ්ඩුව මේ ගැන තීරණයක් ගතයුතුයි...