(එස්. ඩි.කොඩිකාර )
මාතර ඌරුමුත්ත ප්‍රදේශයේ පාසල් සිසුවකු සහ ඔහුගේ අසල්වාසියකු විසින් පුද්ගලයන් 100 දෙනෙකු එකවර තප්පර දහයක් පහළොවක් වැනි කෙටි කාලයක් තුළ දී විෂබීජහරණ දියර ලීටරයකින් ස්වයංක්‍රීයව විෂබීජහරණය කිරීමේ නව නිපයුම් උපකරණ කුටියක් දින දෙකක දී සාදා නිමකර කඹුරුපිටිය මූලික රෝහලට නොමිලේ බාරදීම අද (03) සිදු කෙරුණි .
මෙම උපකරණය සාදා නිමකර ඇත්තේ ඌරුමුත්ත අල්මේදා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන (16) හැවිරිදි එච්.ජී. මදුෂාන් නැමති පාසල් සිසුවා සහ ඔහුගේ අසල්වාසියකු වූ (32) හැවිරිදි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වන උදාර ශ්‍රී වික්‍රම යන දෙදෙනා ය .
මෙම නව නිපයුම් කුටිය ඉදිකිරීම සඳහා මොවුන් දෙදෙනා රුපියල් 40000– 50000 අතර මුදලක් වැයවී ඇති අතර මෙමගින් පුද්ගලයකු ඉතා කෙටි කාලයක් තුළදී සම්පූර්ණයෙන්ම විෂබීජහරණය සිදුවන බව එම නිර්මාණකරුවන් දෙදෙනා පැවසීය.
මෙම කුටිය අද (3) කඹුරුපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි රංජිත් ධර්මකීර්ති මහතාට බාර දුන් අතර ඒ මහතා කියා සිටියේ මින් ඉදිරියට මෙම කුටිය රෝහල් කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනයට ගන්නා බවත් සහ මෙවැනි නිර්මාණ සිදු කරන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් දිරිමත් කර ඒවා අප රට තුළම නිෂ්පාදනය කරන එක කාලෝචිත ක්‍රියාවක් බවයි .
මෙම තරුණයන් දෙදෙනා මෙම නව නිපැයුම් උපකරණ කුටිය දිවයිනේ ඕනෑම රෝහලක හෝ ආයතනයක් වෙත සකසා දීමට සූදානම් බවත් ඒ සඳහා ඔවුන්ගේ දුරකථන අංකය වන 0777490820 ට ඇමතීමෙන් ඔවුන් සම්බන්ධ කර ගැනීමට හැකි බව නව නිපැයුම්කරුවෝ පැවසූහ.


COMMENTS
මේ ලක් පුතුන්ගේ , හැකියාවත් , පරිත්‍යාගයත් ඉතාම අගය කලයුතු වෙනවා. ඉතාම හොඳ පුණ්‍ය කර්මයක් කරගෙන තියෙන්නේ. සුභ පැතුම් දරුවනේ !
මෙන්න ලක්මවගේ නියම දරුවන් .මෙවන් අවදානම් අවස්තාවක ලක්මවගේ අනාගත පැවැත්මට ඔබලාගේ මෙම දායකත්ව ඉහලින්ම අගයන්නෙමු. ඔබලාගේ සියලු ප්‍රාර්ථනා සපල වේවා !!! හැම දෙයම දියව් දියව් කියන නුගත් බුරුවන්ට ලක් අම්මගේ මෙම දරුවන් දෙදෙනා ආදර්ශයක් වේවා !! සෑම දෙයකම අඩුපාඩු හොයන අයටද මේ දරුවන් දෙදෙනා ආදර්ශයක් වේවා !!!
"පුද්ගලයකු ඉතා කෙටි කාලයක් තුළදී සම්පූර්ණයෙන්ම විෂබීජහරණය සිදුවන බව එම නිර්මාණකරුවන් දෙදෙනා පැවසීය. " මෙම සහතිකය කඩිමුඩියේ ලබාදියහැක්කේ කාටද? මෙය අධෛර්යමත් කරනවා නෙවේ.
ඔයවාගේ උපකරණයක් අපේ ගමේ ගමරාල කෙනෙක් නිපදවා තියෙනවා . කොස් ඇට, මැකරල් ඇට පෙරුම් කායං සුදුලූනු කුණු බිත්තරයක් එකට අඹරා ගුලිකර උදේ හවස පොල් රා සමග ගිලීමෙන් සිදුවන වාත කම්පනයෙන් වයිරසය හුස්ම ගන්ට බැරි වීමෙන් භංග වෙනවා. මේ සුභ ආරංචිය ගැන ලියන්ට තවම හම්බ උනේ නෑ.
අපේ ජාතියම ස්වාධීනව නැගිටින ආශිර්වාදයක් ව්‍යසනයක වෙසින් ඇවිත්. මේ මොළ වලින් රටට වැඩක් ගන්න ලැබේවි. තෙරුවන් සරණයි !
මොන වැඩ ගන්නද ? අන්න අර 225 ආයේ එන්න හදනවා. අවොත් වැඩම ගනී. කොමිස් ඉල්ලයි. (නිල් , රතු , කොළ ඔක්කොම එක තමා)
පුතුනේ ඔබල වැනි දස්කම් පාන දරුවන් මුළු රටටම වාසනාවක් . ඔබලා වැනි දරුවන් ගැන ලක්මාතාව සතුටු කදුළු සලනවා ඇති . පුතුනේ ඔබලාට ත්‍රිවිද රත්නයේම ආශිර්වාදය ලැබේවා. තව තවත් මෙවැනි උතුම් ක්‍රියාවන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා .. ඔබලා වැනි දරුවන් ලැබු ඔබලාගේ දෙමුපියන්ටත් අනෙක වාරයක් පින් සිදුවේවා. මේ රට මුහුණදී තිබෙන දුෂ්කර අවස්ථාවේ මෙවැනි උතුම් ක්‍රියාවන් කිරීම ගැන .
මේ එක එක්කෙනා හදන දේවල් වලට නිකන් ප්‍රචාරය දෙන්න එපා. හදන ඕනෑම දෙයකට යම් වෘත්තීය මණ්ඩලයක ශාක්‍යතා පර්යේෂණයකින් පසු අනුමැතිය ලැබුනම එයට ප්‍රචාරයක් දෙන්න. මෙහෙම දේවල් අත් හදා බලන අය ලෝකේ කොහෙත් ඉන්නවා...
සෙනෙවිරත්නගේ අදහසට මමත් එකගයි, මේකෙන් 100%ක් විෂබීජ හරණය වෙනවා කියල සහතික කරන්නේ කොහොමද? එකට පරීක්ෂණයක් කරලා තියේද? නැත්නම් මේකෙන් 100ක් බේරෙනවා වෙනුවට තව 1000 කට කොරෝනා හැදෙන්න පුළුවන්. මොකද හැමදෙනාගේම විෂබීජ මේ කුටියේ එකතුවන්න පුළුවන්.
කතාවට මමත් එකගය්. නමුත් ඔය සහතික දෙන නිලධාරීන් තමා ලෝකෙ පුරාම ගොඩක් ඉන්ජිනේරු නිර්මාණ වලට පොල්ල තිබ්බෙ. මේ කාලෙ ඔය ලෝයර්ස්ල, රෙගුලාසි කාරයො නැතුව ඉන්ජිනේරුවො තමන්ගේ වැඩ නිදහසේ කරගෙන යනවා. ලෝකෙ පුරාම බලන්න.
පේනවද ගගන ගාමීන්ට වඩා කොච්චර හැකියාවන් තියන දරුවෝ තව ඉන්නවද? ලංකාවෙ අතහිත දුන්නා නම් අපිත් ගොඩ, රටත් ගොඩ ... කොහෙද දේශපාලනය නිසා ඔක්කොම අවුල්...
හොදයි, සන්තෝසයි... ලයිට් වගයක් හැදුවා නේද? ඒකට මොකද වුණේ?
මේ කුටියේ සියලුම වෛරස විනාශ වෙන බව දැනගත්තේ කොහොමද. ඇමෙරිකාවේ කරන ක්‍රමය මම දන්නවා. ලංකාවේ ඒ වැනි සහතිකයක් දෙන්නේ කවුද? ලංකාවේ පෙරුම්කායම් ගුලි ගැන කතාකරනවා. මේ රටේ මේ ද්‍රව්‍ය විකුනනේ කුඩු වශයෙන් ආහාරවලට දැමීම සඳහා. කොරෝනවට කෙසේවෙතත් අධික ලෙස වාතය පිටවෙන එකට හොඳයි කියල නිපදවන්නෝ කියන්නෙ.