(නිමන්ති රණසිංහ)
කොරෝනා තත්ත්වය හේතුවෙන් ආදායම් මාර්ග අහිමිව සිටින පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට රුපියල් 5000 ක දීමනාව ලබාදීම සඳහා ජනාධිපතිවරයා එකඟත්වය පළකර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ස්ථිර ආදායමක් නොමැතිව සිටින පුද්ගලයන් වෙත රජය විසින් ලබා දෙනු ලබන රුපියල් 5000ක දීමනාව පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් වෙත ලබා දිමට පියවර ගන්නා ලෙසට තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලිමක් කළ බවත්, එය සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා ඊට යහපත් ප‍්‍රතිචාර ලබා දෙමින් අනුමැතිය ලබාදුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පසුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයින් සඳහා විෂබීජ නාශක කුටීරයක් විවෘත කිරීමට ඊයේ (08) සහභාගි වූ අවස්ථාවේදීය.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න එපා ශතයක්වත්... මුන් ඇවිල්ලා මගමරුවෝ. කිසිම විනයක් නැහැ. කොන්දො ජිවිතයකට ඉස්කෝලේ ගිහින් නැති... මිනිස්සුන්ට කතාකරන්න දන්නේ නැති බූරුවෝ වගයක්. මුන් නැත්තටම නැතිවේවා...!!!