හිරාන් ප්‍රියංකර ජයසිංහ
කොරෝනා ආසාදිතයකු බවට මේ වන විට හදුනාගෙන ඇති පුත්තලම කඩුමයන්කුලම් විදියේ තැනැත්තා පදිංචි නිවසේ පිරිස හා මොහු සමග සම්බන්ධතා පැවැත්වු නිවාස දෙකක පිරිස දින 14 ක නිරෝධායන කටයුතුවල යෙදවිමට සෞඛ්‍ය අංශ අද( 28 ) පියවර ගැනිණි.
කොරෝනා අසාදිතයකු ලෙස හදුනා ගැනුන පුත්තලම කඩුමයන්කුලම් විදියේ පදිංචි තුවාන් මොහොමඩ් තුවාන් ( 50 ) නැමැත්තා පදිංචි නිවසේ බිරිද දරුවන් හා ඥාතින් ඇතුළු 7 දෙනෙකු හා මොහු නිතර ගැවසුන නිවාස දෙකක පිරිස මෙසේ නිරෝධායනයට ලක් කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුනී.
මේ වන විට සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත්තේ දැනට කොරෝනා ආසාදිතයකු බව පැවසෙන ඉන්දුනිසියා හා තායිලන්තයේ සංචාරයේදි යෙදුන තවත් 6 දෙනෙකු මේ වන විට පුත්තලම , තිල්අඩිය , අල්කාසිම් සිටි රත්මල්යාය, ඇතුළු පිරිසක් බව බවයි .
කෙසේ නමුත් මෙම පිරිස තවත් කොතරම් පිරිසක් ඇසුරුකර ඇත් දැයි සොයා බැලිම මේවන විට අරඹා ඇති බව කියයි.
අදාල ස්ථානයට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ කණ්ඩායම් හා පුත්තලම මුලස්ථාන පොලිසියේ නිළධාරින්ද එක්වි අදාල කටයුතු කරන ආකාරය දැක ගත හැකි විනි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පුත්තලමේ කොරෝනා ආසාදිතයාගේ නිවසේ පිරිස-තවත් නිවාස දෙකක පිරිස් නිරෝධායනයට