( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම කඩුමයන්කුලම් ප්‍රදේශයේ දි හමුවු කොරෝනා ආසාදිතයා ඇසුරුකළ හා ගැවසුණු පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් නිරෝධායනය කිරිමට කටයුතු කරන බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි.
පුත්තලම සහිරා ජාතික පාසලේ කොටසක නිරෝධායන මධ්‍යස්ථානයක් සැකසීමට කටයුතු යොදා ඇතැයිද ලේකම්වරයා පැවසීය.
අද (28) කඩුමයන්කුලම් ප්‍රදේශයේදී හමුවු මෙම කොරෝනා ආසාදිතයාගේ පවුලේ උදවිය හා තවත් නිවාස දෙකක පිරිසක් සමඟ මොහු යාඥා සදහා සහභාගි වු දේවස්ථාන තුනක පිරිසක් මෙසේ නිරෝධායනය කිරිමට නියමිත ය.
නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට නියමිත පුත්තලම සහිරා ජාතික පාසලේ කොටසක් පුත්තලම නගර සභාව පිරිසිදු කිරිම් ආරම්භ කළ බවත් අද(29) යුද හමුදාව විසින් අදාල නිරෝධායන මධ්‍යස්ථානය ලෙස සැකසීම් අරඹන බවද පැවසිය.
තවද මෙම නිරෝධායන මධ්‍යස්ථානය සම්පුර්ණයෙන් යුද හමුදාව විසින් අධික්ෂණය කරන බවත් පිරිසිදු කිරිම් , ආහාර පාන සැපයිමද පුත්ලම නගර සභාව මේ වන විට භාර ගෙන ඇති බව කියයි.
දිස්ත්‍රික් ලේකම් වරයා මෙහිදි පවසා සිටියේ මෙම තිරණය ඊයේ(28) රාත්‍රියේ ගත් බවත් මෙය පුත්තලම නගරයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිම වෙනුවෙන් ගත් බවයි.
COMMENTS
දැන දැනම මිනිස්සු අමාරුවේ දමල , මෙම පුද්ගලයා සනීප උන පසුව අනිවාර්යයෙන් වසර 5 වත් හිරේ අරින්න ඕනේ... මොහුගේ නොමනා ක්‍රියාකලාපය නිසා අමාරුවේ වැටුන, ලෙඩ වුන මිනිසුන්න්ට ප්‍රතිකාර කරන්න රජයෙන් වියදම් වුන මුදල් අපි මොහුගෙන් ගන්න ඕනේ.... එතකොට අනිත් පුද්ගලයනුත් පාඩමක් ඉගෙන ගනීවි. මේ නඩු බොරුවට කල් අරින්න එපා විශේෂ නඩු ලෙස සලකල ඉක්මනට ඉවර කරන්න. අපි ඇදිරිනීතිය දමාගෙන සති ගණනක් දුක් විදින්නේ මෙවැනි පුද්ගලයන් නිසා....
ඉස්ලාම් ආගම අදහන්නන් මෙතරම් අත්තනෝමතික වීම නවතගන්න ඒ අයගේ නායකයින්ට බැරි මොකද? හරිම කණගාටුවට කරුණක්. රටම අනතුරකට ඇදගෙන යන ක්‍රියාවක්? ද්‍රවිඩ භාෂාවෙන් තොරතුරු යනවා මදිද? මොවුන්ගේ මෝඩකමද?
කිසිම සමාජ වගකීමක් නොදන්නා පිරිසක්. ඒ කරාශි වෙන්න එපා කියලා මෙච්චර ප්‍රචාරය කරද්දීත්, මේ ගොල්ලෝ තාම හොරෙන් හොරෙන් යාඥා වලට පල්ලියට යනවා. මේගොල්ල අනතුරේ හෙලන්නේ මුළු සමාජයමයි. නීතියෙන් උපරිම දඬුවම් දිය යුතුයි.
කවුරුත් ආශාවෙන් රෝගයට ගොදුරුවෙන්නේ නැත. තවද මෙම රෝග ලක්ෂණ සමාන්‍යයෙන් හැදෙන උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණයි. කෙනෙකු නොදැනුවත්කමින් හෝ දැනගෙන කළ වරදට මුළු සමාජයටම දොස් කීමෙන් පලක් නැත..