හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම කඩුමයන්කුලම් ගම්මානයට පිවිසෙන සියලුම් පිවිසුම් මාර්ග වසා දමා කිසිවකුටත් ගම්මානයට ඇතුල්විමත් පිටතවිමත් සම්පුර්ණයෙන් තහනම් කල බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස කඩුමයන්කුලම ගම්මානයට ඇතුල්විම සදහා ඇති පිවිසුම් මාර්ග පහම පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් වසා දමා පොලිස් ආරක්ෂාව දමා ඇති බව කියයි.
මෙලෙස කඩුමයන්කුලම ගම්මානයට ඇතුල්විම හා පිටවිම තහනම් කර තිබුනේ කොරෝනා ආසාදිතයකු හමුවිමත් සමග ඔහු සමග හිතවත්කම් පැවැත්වු පවුල් 20 ක 69 දෙනෙකු සහිරා ජාතික පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
මෙම නිරෝධායන මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වන බල සේනාංකය සම්පුර්ණයෙන් අධික්ෂණය කරමින් පවති.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.