පාකිස්තානයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු වෛද්‍ය කාර්යමණ්ඩල ඇතුළු සෞඛ්‍ය සේවකයන් 150කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට පන්ජාබ් ප්‍රාන්තයේ තරුණ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම තත්ත්වයත් සමඟ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ඉදිරිපෙළ සිටින රෝහල් කාර්යමණ්ඩලවලට ප්‍රමාණවත් පෞද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටල දෙන්නැයි ඉල්ලමින් පාකිස්තානයේ වෛද්‍යවරු සහ හෙදියෝ පනහකට ආසන්න පිරිසක් උපවාසයක් ආරම්භ කර ඇත.
කොරෝනා වයිරසයෙන් පාකිස්තානයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පන්ජාබ් පළාතටය.
ආරක්ෂිත මුඛ ආවරණ, අත්ආවරණ ආදී සෞඛ්‍යාරක්ෂිත උපකරණවල දැඩි හිඟයක් මතුව ඇතැයි පාකිස්තානයේ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයෝ සති ගණනක සිට චෝදනා නඟති. වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂිත උපකරණ ප්‍රමාණවත් නැතැයි කී වෛද්‍යවරුන් 50 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ද පාකිස්තානයේ ක්වෙටා නගරයෙන් මේ මස මුලදී වාර්තා විය. සෞඛ්‍යාරක්ෂිත උපකරණ ඉල්ලමින් පැවැති විරෝධතාවයේදී ඇතැම් වෛද්‍යවරු පොලිසියෙන් පහර කෑහ.
පාකිස්තානයේ අසල්වැසි රට වන ඉන්දියාවෙන් එවැනි පුවත් වාර්තා වූ අතර වෛද්‍යවරුන් පහර කෑමට හිංසා හා පීඩාවලට ලැබුණු බව ද ඉන්දියාවෙන් වාර්තා විය.
කොරෝනා වයිරසය හේතුවෙන් පාකිස්තානයේ වෛද්‍යවරුන් හා හෙදියන් මියගොස් ඇතැයි ද වාර්තා වේ. මෑතකදී වෛද්‍ය වෘත්තිය ඇරැඹු 26 හැවිරිදි වෛද්‍යවරයකු ඉකුත් දිනෙක කොරෝනා වයිරසයෙන් මියගිය බව පාකිස්තානයේ නිලධාරියෙක් ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.
පාකිස්තාන රජයට අයත් රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු ද කොරෝනා වයිරසයෙන් මියගොස් ඇතැයි සෙනසුරාදා වාර්තා විය.
වෛද්‍යවරු උපවාසයේ යෙදුණ ද ඔවුන්ගේ වැඩමුරයේදී වෛද්‍ය වෘත්තියේ නිරත වෙති. සිය සේවා මුරය අවසන් වූ පසු වෛද්‍යවරු පාකිස්තානයේ ලාහෝර් අගනුවර පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්යාල ඉදිරියට පැමිණ විරෝධතාවයෙහි නිරත වෙති.
‘‘ආණ්ඩුව අපේ ඉල්ලීම්වලට කන්දෙනතුරු මෙය නවත්වන්නේ නැහැ. ආණ්ඩුව දිගින් දිගටම අපේ ඉල්ලීම් නොසලකා හැරියා’’ යැයි වෛද්‍ය සල්මාන් හසීබ් පැවැසීය.
සල්මාන් හසීබ් යනු පන්ජාබ් පළාතේ ‘ග්‍රෑන්ඩ් හෙල්ත් එලායන්ස්’ සංවිධානයේ ප්‍රධානියා ය. අප්‍රේල් 16 වැනිදා සිට තමන් ආහාර ගෙන නැතැයි ද හෙතෙම කීය.
‘‘වයිරසය සමඟ ගැටෙන්නේ අපි. අපි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරනවා. ඉදිරිපෙළ සිටින්නේ අපි. අපි ආරක්ෂා නොවුණොත් සමස්ත ජනගහනයම අවදානමේ’’ යැයි හෙතෙම කීය.
‘ග්‍රෑන්ඩ් හෙල්ත් එලායන්ස්’ සංවිධානයේ වෛද්‍යවරුන් සහ හෙදියන් 30 දෙනකු උපවාසයට එක්ව සිටින බවත් වෛද්‍ය කාර්යමණ්ඩලවල 200කට අධික පිරිසක් දිනපතා විරෝධතාවලට එක්වන බවත් හෙතෙම කීය. පන්ජාබ් ප්‍රාන්තයේ සහ පාකිස්තානයේ අනෙකුත් ප්‍රදේශවල සෞඛ්‍ය වෘත්තීය සමිති ද මෙම උපවාසයට සහාය දක්වයි.
ඒ.එෆ්.පී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් ශෝචනීය තත්වයක්... මේ මාරාන්තික වයිරසය නිපදවූ අයට සාපවෙන්න ඕනේ...!!!
පකිස්තානයත් , ඉන්දියාවත් යන දෙකම අපිට වඩා දියුණු රටවල් දේශපාලන පාට කන්නාඩි දමාගෙන හැම එකම වැරදි හොයන මෝඩ අමනයන් රැලක් අපේ රටේ ඉන්නවා . වැරදි වලට සාධාරණ විවේචන මොවුන් ළඟ නැහැ. තමන්ගේ දේශපාලන මතවාද ආණ්ඩුවේ ඒවාට ගැලපෙන්නේ නැත්නම් ආණ්ඩුව මොනවා කරත් වැරදියි... උන්නැහේලගෙන් මම ඉල්ලන්නේ මේ ප්‍රවුත්තිය කියවල, බලල මේ රටේ මොන වෛද්‍ය වෘත්තිකයද තමන්ට PPE නැහැ කියල උද්ගෝෂණය කලේ කියල සමහර කොමෙන්ට් දමන්න කලින් කියන්න කියලයි...
මේකටත් යටට හරවපු ඇඟිල්ලක් දමන දේශපාලන හරක් රැලක් ඉන්න බව අපි දන්නවා ජනතාව විසින් අලුයම දාපු කෙලපිඳක් වගේ, දැහැටි දණ්ඩක් වගේ විසිකරපු සමහර උන්නැහේල, මේ රටේ ජනතාවගේ මළකඳන් උඩින් හරි බලයට එන්න උත්සාහ ගන්නවා... පරම සත්‍යය ඒක. මළමිනී එක්ක ජීවත්වෙලා දහස් ගණන් ජීවිත බිලි අරගන්න එක..., උන්දලට හුරුපුරුදු දෙයක්.... මේ යන ක්‍රමයේ අඩුපාඩු තියනවා ( දෙමල කියමනක් තියනවා මුතුවලත්, පබලුවලත් යන දෙකේම පලුදු තියනවා කියල ඒ වගේ අඩුපාඩු නැති එකක් නැහැ ) ඒ නිසා දැන් සමහර දේවල් අපේ පාලනයෙන් ගිලිහිලා දෝ කියලත් සැකයකුත් මතුවෙනවා ඒක එහෙම උනයි කියල දේශපාලන කෝණයකින් මේක දිහා බලල , මෙතුවක් කල් මේකේ තිබිච්ච සාධනීය ලක්ෂණ අමතක කරලා, මේකට ගරහන එක මනුස්සකමක් නෙමි...
ගොමා සංවිධානේ ආණ්ඩුවේ ඉත්තෙක් නිසයි මෙහෙ උන් උද්ගෝෂණ නොකළේ, එහෙම නැතිව ආණ්ඩුව සුපිරියටම පහසුකම් දුන් නිසා නොවේ, වෙන රටකද මන්ද නර්ස්ලා ඩොක්ටර්ස්ලා පොලිතීන් අරන් ආරක්ෂක ඇගලුම් හැදුව, මාස්ක් එක සෝදලා පාවිච්චි කළා, මාස්ක් එක දෙපැත්ත හරවල යූස් කළා කිව්වා, මේ ගිය සතියේද කොහෙද චීනෙන් උපකරණ ආවාම තමයි දැන් ආණ්ඩුව හතර අතේ ආරක්ෂක උපකරණ බෙදන්නේ, ලංකාවේ මිනිස්සු ආණ්ඩුව සහ හෙන්චයියන් කියන හැමදේම විශ්වාස කරන බබ්බු නෙවේ.