IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පාකිස්තානය වැඩිම ආසාදිතයන් සිටින මුල් රටවල් 10 අතරට

දෛනිකව වැඩිම නව කොරෝනා ආසාදිතයන් වාර්තා වන මුල් රටවල් 10 අතරට පාකිස්තානය පැමිණ ඇත.

පාකිස්තානයෙන් ඉරිදා (21) දිනයේදී නව කොරෝනා ආසාදිතයන් 4,471 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිතයන්ගේ ගණන 1,81,088ක් දක්වා ඉහළ ගියේය.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් දකුණු ආසියාවේ මෙන්ම ආසියාවේ ද දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වූ රට පාකිස්තානය මේ වනවිට පත්ව ඇත.

අසල්වැසි පාකිස්තානයෙන් ඉරිදා දිනයේදී වයිරස ආසාදිත මරණ 89ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 3,661ක් දක්වා ඉහළ ගියේ ය.

පාකිස්තානය තුළ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ ඉකුත් පෙබරවාරි මස අගභාගයේදී ය.

සීමිත ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් කිහිපයක් ආරම්භ කිරීමට පාකිස්තානය පසුගිය සති අන්තයේදී පියවර ගත්තේය. පාකිස්තානය මාර්තු මස 31 වැනිදා ජාත්‍යන්තර ගුවන් ගමන් සියල්ල නවතා දැමීය.

පාකිස්තානය මැයි මස 16 වැනිදා ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කළේය.

පාකිස්තානයේ රෝහල් නව කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් පිරී ගොස් තිබෙන අතර දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද වේගයෙන් ඉහළ යමින් තිබේ. පාකිස්තානය මේ වනවිට දිනකදී කරන ‘කොවිඩ්-19’ ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ ගණන 30,000කි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති ගණන 50,000කි.

මිලියන 220කට වඩා වැඩි ජනතාවක් ජීවත්වන පාකිස්තානයට ඇත්තේ ‘දැඩි සත්කාර ඒකක ඇඳන්’ 3,000කටත් අඩු සංඛ්‍යාවකි. එය ලොව අඩුම සංඛ්‍යාවක් යැයි ද පැවසේ. නව කොරෝනා වයිරස ආසාදිත පොකුරු හමු වූ ජනාවාස සහ ව්‍යාපාරික ස්ථාන 800කට වැඩි ප්‍රමාණයකට සීල් තැබීමට ද පාකිස්තාන බලධාරීන් පියවර ගෙන ඇත. ඊට අමතරව දැඩි බලපෑමක් එල්ල වූ ප්‍රදේශවලට වෙන්ටිලේටර්ස් (ස්වසන සංවාතන යන්ත්‍ර) යැවීමට ද පියවර ගෙන තිබේ.

වෛද්‍ය වෘත්තිකයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අවධාරණය කළද පාකිස්තාන ආණ්ඩුව දැඩි ‘ලොක්ඩවුන්’ සීමා පැනවීම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ.එෆ්.පී./රොයිටර්ස්

055

 



අදහස් (0)

පාකිස්තානය වැඩිම ආසාදිතයන් සිටින මුල් රටවල් 10 අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site