එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (ඒ.එෆ්.පී.)
නව කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලොව පුරා මිනිසුන් මිලියන ගණනක් මිය යා හැකි යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අද (19) ලොවට අනතුරු ඇඟවීය.
මෙම වයිරසය දුප්පත් රටවල පැතිර ගියහොත් විශාල හානියක් සිදුවිය හැකි බව කී මහලේකම්වරයා ඉන් වැළැක්වීමට නම් මුළු ලොවම නව කොරෝනා වයිරසයට එරෙහිව එක්ව සටන් කළ යුතු යැයි ද කීය.
‘‘ලැව්ගින්නක් ලෙස වයිරසයට ව්‍යාප්ත වීමට ව්‍යාප්ත වීමට ඉඩ දුන්නොත් මිලියන ගණනක් මිය යන්න පුළුවන්. විශේෂයෙන්ම ලොව අවදානම් කලාපවලට මෙයින් වෙන්න පුළුවන් හානිය ඉතාම වැඩි’’ යැයි ද ඔහු කීවේය.
‘‘මුළු ලෝකයම සහයෝගයෙන් සහෝදරත්වයෙන් වැඩ කරන්න ඕනෑ. හැමෝම මේකට උනන්දු වෙන්න ඕනෑ. මේ සඳහා සදාචාරාත්මක අවශ්‍යතාවක්. එය අත්‍යවශ්‍ය’’ යැයි ද හෙතෙම කීය.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ‘‘සෞඛ්‍ය ව්‍යවසනයක්’’ යැයි ද ඒ සඳහා මුළු ලොවම එක්ව සටන් කළ යුතු යැයි ද හෙතෙම කීය.
‘‘හැම රටක්ම ඔවුන්ට හැකි පමණින් ඔවුන්ගේම උපායමාර්ග ගනිමින් ඉන්නවා. මේ කටයුත්තකම විනිවිදභාවය තිබිය යුතුයි.
අපි ඉක්මන් පියවර ගත යුතුයි. ඒ වගේම අර්බුදයකට මුහුණ දීමට ශක්තිය නැති රටවලට උදව් උපකාර කළ යුතුයි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය බහුපාර්ශ්වීය සටනක් ගෙන යනවා. සෑම රටක්ම සෑම ආණ්ඩුවක්ම ඊට සහයෝගය දැක්විය යුතු’’ යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් කීවේය.
055
COMMENTS
මහලේකම් එහෙම කිව්වට අපට ඊට වඩා වැදගත් තුනෙන් දෙක ගන්න එක. ඒ හින්ද ඔය අවවාද අපට එපා. අපි නිවාඩු දෙන්නෙත්, තෙල්මිල අඩුවීම, පරිප්පු සැමන්වලට සීමා කරන්නෙත් තුනෙන් දෙක වැනි උතුම් පරමාර්ථ වෙනුවෙන්.
එක්සත් ජාතින්ගේ සංවිධානය ඉන්නේ මොකටද? යුද්ධ කරන්නයි, 3වන ලොකයේ දියුණු වෙමින් පවතින රටවලට අනිසි බලපෑම් කරන්නයි විතරයි. ලංකාවේ යුද්ධ කාලෙ මානව හිමිකම් කඩවීම් ගැන බලන ඔවුන් මේ වෛරසය ගැන අද වෙනකම් නිදා ගෙන ඉදල බොළද කතා කියනවා. ඉන් එහාට සතේක වැඩක් කරල තියෙනවද? එක මානව හිමිකම් නෝන කෙනෙක් කිවුව මේ වෛරසය නිසා මිනිස් අයිතිවාසිකම් කඩ වෙන්න දෙන්න එපා කියලා. ඔන්න එයාලගෙ නියම තත්ත්වය.
දුටුගැමුණු රජු වැඩ අවසන් කලේ මැරුණම. මෙයාත් මැරිලා වැඩපටන් ගත්තොත් හමයි හරි. එතකොට ඔන්න දුටුගැමුණු රජු වැඩ නවත්තපු තැනින් වැඩ පටන් ගත්තා කියන්න පුළුවන්
මහ ලේකම් දන්නේ නැහැ තුනෙන් දෙක නැතුව ලංකාවේ කොරෝනා පාලනය කරන්න බැරි බව.
එක්සත් ජාතීන්ගේ මණ්ඩලය හොඳ නැතිනම් එයින් ඉවතවෙන්න කියලා ජනාධිපතිතුමාට කියන්න. කවුරුවත් ඉන්න කියල බලකරන්නේ නැහැ. එක්සත් ජනපදය එම සංවිධානයේ. වියදමෙන් දෙකෙන් පංගුවකට වැඩිය ගෙවන්නේ. ලංකාව ගෙවන්න සොච්චමයි. නමුත් එම සංවිධානයෙන් කොටිගණක ආධාර ආපසු ලැබෙනවා. මෝඩයෝ වගේ කතා කරන අයගෙන් ලංකාව පිරිලා. ලංකාවේ කෙනෙක්ම තමා එම සංවිධානයට කුඩා රටවල් ගණනක් බඳවාගත්තේ.
මේ ව්‍යවසනය අපේ ලංකාවට ආවේ ඡන්දය අරමුණු කර ගත් යුගයක වූ පලියට ඒක දඩමීමා කරගෙන තල තල ඉන්නෙ නැතුව රට ගැන ජනතාව ගැන හිතලා මධ්‍යස්ථ අදහස් දැරුවොත් හොද නැද්ද? ඒ මෙහෙවරට අපි දායක වුනොත් හොද නැද්ද?