කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා නිවසින් බැහැරට යන අවස්ථාවලදී මුඛ ආවරණ පළඳින්නැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය බලධාරිහු එරට ජනතාවට නිර්දේශ කර ඇත.
නිවසින් බැහැරට යන අවස්ථාවලදී විශේෂයෙන්ම තවත් පුද්ගලයන් මුණගැසෙන හා පිරිස් සිටින අවස්ථාවලදී මුඛ ආවරණ පළඳින ලෙස හෝ මුහුණු ආවරණය කරගන්නා ලෙස හෝ ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරිහු උපදෙස් දී ඇත.

මෙම උපදෙස් දී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයයි.
කෙසේ නමුත් තමන් මුඛ ආවරණ පළඳින්නේ නැතැයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
"මම නං එහෙම කරන්නේ නෑ. තමන් කැමැති නං විතරක් කරන්න පුළුවන් " යැයි ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා එසේ කීවද සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්නැයි ජනපති බිරිඳ මෙලානියා ට්‍රම්ප් ජනතාවට අවධාරණය කළාය.
මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා ආරක්ෂක නිෂ්පාදන පනතේ විධිවිධාන අනුව එන්95 මුඛ ආවරණ සහ සායනික අත්වැසුම් අපනයනය නවතා ඒවා රඳවා තබාගන්නැයිද නියෝග කර ඇත.
අල්ජසීරා/ද ගාඩියන්
ඡායාරූපය ; ඒ.පී.
055
COMMENTS
ඇයි අපනයනය නවත්වන්නේ මුළු ලෝකෙටම ගහන්න බෝම්බ තිබුනාට මිසයිල තිබුනාට තමන්ගේ රටේ ජනතාවට ඇතිවෙන්න තරමටවත් මුහුණු ආවරණ නැත්ද?
මුහුණු ආවරණ මීට මාසෙකට කලින් අපි ගෙන යද්දී ඇමරිකානුවෝ හිනා වුනා.
මේ හාදයාගේ මේ උද්ද්ද්ච්චකම හින්ද පීඩා විඳින්නේ ඇමෙරිකානු ජනතාව
ට්‍රුම්ප් හැරුනවිට වෙන කවුරුවත් මුක ආවරණ පාවිචි කරන්න එපා කිව්වේ නැහැ. ඊයෙත් ට්‍රුම්ප් කිව්වේ ඒකා මුක ආවරණ පලදින්නේ නැති වගයි. ලෙඩුන්ට සත්කාර කරන අය පළදින ආවරණ පාවිච්චි නොකර රෙදිවල සාදාගත් ආවරණ පාවිච්චි කරන්න කියලයි. ප්‍රාන්ත ආණ්ඩුකාරයින්ගේ ඉල්ලීම පරිදි සාමාන්‍ය වැසියෝ තමා ළඟ තිබුන මුක ආවරණ කෝටිගනනක් රෝගීන්ට සත්කාර කරන ආරෝග්‍ය ශාලාවලට ගෙනවිත්දී තිබෙනවා. අන්ධකාර නීතියක් නොතිබුනත් රජයේ ඉල්ලීම පරිදි අන් අයගේ යහපත වෙනුවෙන් නිවෙස්වලම රැඳී සිටිනවා.