( එච්. චන්දන )
ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී මසුන් මැරීම සදහා යාමට රජය විසින් අවසර ලබා දුන්නත් අද( 06) සිට නැවත දැනුම් දෙන තුරු රැකියාවේ නිරත නොවීමට තීරණය කර ඇති බව හලාවත ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරයි.
හලාවත - ඉරණවිල සිට කරුකුපනේ දක්වා ඇති ධීවර සංවිධාන 10 ක් විසින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව මෙම මුහුදු තීරයේ එක් දින යාත්‍රා 1200 ක් පමණ 06 වැනිදා සිට මුහුදු යාමෙන් වැළකී ඇත.
වර්තමානයේ රටේ පවතින තත්ත්වය පාලනය කිරීම සදහා රජය කරගෙන යන වැඩ පිළිවෙලට සහාය ලබා දීමට තමන් තීරණය කළ බවත්,පිටස්තර පැමිනෙන පුද්ගලයින්ගෙන් කොරෝනා වෛරසය ආසාධනය වීම වැළැක්වීම අරමුණු කර ගනිමින් මෙම ක්‍රියා මාර්ගයට අවතීරණ වූ බවද හලාවත ධීවරයින් සදහන් කරයි.
ධීවරයින් විසින් ස්වෙච්ඡාවෙන් ගෙන ඇති තීරණය ඉතා යහපත් එකක් වුවත්, එම තත්ත්වය නිස ආර්ථික වශයෙන් කඩා වැටෙන ධීවරයින්ව රැක ගැනීම සදහා රජය විසින් යම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත්,ඒ සදහා තම සහාය ලබා දෙන බවත් සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය සදහන් කරයි.
කෙසේ වෙතත් 06 වැනිදා පරවරුවේ හලාවත පොදු මාළු අලවි සැළට මාළු සුළු ප්‍රමාණයක් ලැබී තිබුණි.දින කීපයකට පෙර මසුන් මැරීම සදහා ජාත්‍යන්තර මුහුදට ගොස් තිබූ බහු දින යාත්‍රා සහ පිටස්තර ප්‍රදේශ වලින් ගෙනවිත් තිබූ මාළු අලවි කිරීම සිදු කරන ආකාරයක් දක්නට ලැබුණි.කෙසේ වෙතත් හලාවත පොදු මාළු අලවි සැළ තුළ තොග අලවිය පමණක් සිදු කරන ලෙස පොලීසිය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.



2025 නොවැම්බර් මස 17
114
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
959
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2564
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නැවත දැනුම්දෙනතුරු මූදූ නොයන්න හලාවත ධීවරයෝ තීරණය කරති
Walter White Monday, 06 April 2020 12:42 PM
අමන තීන්දුවක්, කවුද මේවට උපදෙස් දෙන්නේ? මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්නේ, ඇයි මෙහෙම දේවල් කරන්නේ? මාළු වෙළෙන්දන්ට ඇඳිරි නීතිය තිබුනත් වෙළෙඳාමේ යන්න බාධාවක් නැහැ... මූදු ගියා කියල කොරෝනා හැදෙන්නේ කොහොමද? අවදානම ඉතා අඩුයි. අපේ නගර සභාවේ කුණු ලොරියේ සේවකයෝ මීට වඩා දාස් වාරයක් ශ්‍රේෂ්ඨයි, සාමාන්‍ය දවසකත් අමාරුම අවදානම්ම රක්ෂාවක් ව තිබියදීත් තවමත් රාජකාරිය හරියටම කරනවා,