( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වැලිසර මහසෙන් නාවුක කදවුරේ සිට නිවාඩු ලබා කරුවගස්වැව කුඹුක්කල්ල ප්‍රදේශයේ නිවසට පැමිනි සිටි නැවියා ඇතුළු පවුලේ හය දෙනෙකු පුත්තලම මුලික රෝහලේ කොරෝනා ඒකකයට රැගෙන ආ බව කරුවලගස්වැව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එච්.එම්. ජේ.කේ. අබේරත්න මහතා පවසයි.
මෙම නාවික නැවියා නිවාඩු ලබා නිවසට පැමින සිටියදී කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් විසින් 24 දින නිවසේ පිරිස සමග නිරෝධායනයට ලක්කර තිබු බවත් (අද ) 25 දින මෙම නිවැසියන් පිරිස යම් ආසාධිත තත්වයක් පෙන්නුම් කිරිමත් සමග පුත්තලම මුලික රෝහලේ කොරෝනා ඒකකයට ඇතුලත් කර තිබුණි.
එසේ කොරෝනා ඒකකයට ඇතුලත් කල නාවුක නැවියා ,ඔහුගේ බිරිද , දරු දෙදෙනා හා මව් පියන් ඇතුළු හය දෙනාගේ ජෛව පටල සාම්පල රෝහල් කොරෝනා ඒකකයෙන් ලබා ගෙන පරික්ෂණ සදහා යොමු කළ බව පුත්තලම මුලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි .
මේ සමගම වැලිසර නාවුක කදවුරේ සිට නිවාඩු ලබා පැමිණි කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොඨඨාශයේ තබ්බෝව ,නවගත්තේගම, ඉගිනිමිටිය ,කළාඔය, මහජන සෞඛ්‍ය පරික්ෂක කේෂත්‍ර තුළ තවත් නැවියන් හය දෙනෙකු හා ඔවුන්ගේ පවුල් වල පිරිස් නිරෝධායකයට මේ වන විට ලක්කර ඇති බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අබේරත්න මහතා පවසයි.
2025 නොවැම්බර් මස 04
357
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2157
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1636
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
“නාවික සෙබළා ඇතුළු පවුලේ 6 ක් පුත්තලම රෝහලේ කොරෝනා ඒකකයට’