IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් කඩිනමින් ඉදිකරන්න උපදෙස්

( ජේ.කේ.එල් චාමින්ද)

කොරෝනා  ආසාදිතයන් ලෙස සැක සහිතව රෝහල්ගතව එසේ නොවන බවට තහවුරු වූ රෝගීන් සදහා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් කඩිනමින් සකස්කරණ ලෙද දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා සෞඛ්‍ය බලධාරින්ට අද (25) උපදෙස් දුන්නේය.

මෙකි  නිරෝධායන මධ්‍යස්ථාන දෙක සදහා ප්‍රාදේශිය රෝහල් දෙකක් යොදා ගන්නා ලෙසද මෙහිදි ආණ්ඩුකාරවරයා  සෞඛ්‍ය බලධාරින්ට දැනුම් දුන්නේය.
 
දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාතේ ප්‍රධාන නිලධාරීන්ගේ සහභාගිත්වය  අද (25) දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්කාර්යාලයේ දි සාකච්ඡාවක් පැවැත්විණි.
 
එමෙන්ම රෝහල් කාර්‍ය මණ්ඩල වලට අවශ්‍ය අත්‍යාවශ්‍ය ද්‍රවය මිලදී ගැනීමට සතොස සහ සුපිරි වෙලදසැල් තෝරාගත් කාලයක් ඔවුන් වෙනුවෙන් විවෘත කර දෙන ලෙස  මෙහිදි ආණ්ඩුකාරවරයා බලධාරින්ට උපදෙස් දුන්නේය.  පළාත් සභාව මගින් පාර්සල් කරන ලද භාණ්ඩ කට්ටල රෝහල් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරිමට ද මෙකි සාකච්ඡාවේ දි තින්දුවිය.
 
රෝහල් වල කාර්ය මණ්ඩල සඳහා අත්‍යවශ්‍ය කාරණයක් වී තිබෙන ආරක්ෂිත ඇඳුම් කට්ටල සඳහා මුදල් වෙන් කර දෙන ලෙස ප්‍රධාන ලේකම් වරයාට  උපදෙස් ලබා දුන්  ආණ්ඩුකාරවරයා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශය වෙත අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.
 
පවතින තත්වය යටතේ අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය නිවෙස් වලට ම ලබාදීමේ වැඩසටහන ගැන මෙහිදි  සාකච්ඡා කළහ.

 බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ජනාධිපති කාර්ය සාධක බලකාය  විසින් නිවසින් නිවසට භාණ්ඩ ලබා දීමට සකස් කර ඇති වැඩසටහන ඒ ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා පළාත් පාලන ප්‍රධානීන් සහ පළාත් පාලන නියෝජිතයන්ගේ සහයෝගයද සහිතව සිදුකරන්නට මෙහිදි ආණ්ඩුකාරවරයා විසින්  උපදෙස් ලබාදුන්නේය.

 



අදහස් (0)

නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් කඩිනමින් ඉදිකරන්න උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 125 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site