(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ගුවන්හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (02) මිය යාමෙන් පසු ඔවුන්ගේ අවසන් කටයුතු අද (03) අලුයම් කාලයේදී අවසන් සිදුකළ බව වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ දින මිය යාමෙන් පසුව ඔවුන් දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කිරීමට මුලතිව් පොලිසියට හා සෞඛ්‍ය නිලධාරීන් වෙතට මළ සිරුරු දෙක භාර දී ඇත.
එම නිලධාරීන් විසින් ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා මුලතිව් කුමරපුරම් සුසාන භූමිය යොදා ගෙන තිබුණද එහි ආදාහනාගාරයක් නොමැති වීමෙන් දර යොදා පිලිස්සීමට පියවර ගෙන තිබුණි.
නමුත් ප්‍රදේශවාසීන් විසින් මියගිය පුද්ගලයින් දෙදෙනාගේ අවසන් කටයුතු කුමරපුරම් සුසාන භූමියේදී සිදු කිරීමට අවස්ථාව ලබාදී නැත.
අනතුරුව මිය ගිය අයගේ පී.සී.ආර් පරික්ෂණයන් අනුව කොරෝනා වයිරසය වැළඳී නොමැති බවට වාර්තා පැමිණීමෙන් පසුව මුලතිව් අධිකරණ නියෝගයකට අනුව පොලිසියේ හා සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් ප්‍රදේශවාසී විසින් පදිංචිකරුවන් නොමැති මුලතිව් මුල්ලියාවලෙයි කලෙයික්කාඩු කැලෑබද ප්‍රදේශයේදී දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරුණි.
අදාල මියයාම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විමසීමේදී වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසීය.
“මිය ගිය දෙදෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණයන් අනුව කොරෝනා ආසාදනය නොවී ඇති බවට ඊයේ රාත්‍රීයේ වාර්තාව ලැබුණා. මේ අය කොළඹ ගුණසිංහපුර සිට රැගෙන ගිය අය දෙදෙනෙක්. ස්ථීර පදිංචියක් නැහැ හඳුනාගත් අය නැහැ. ඔවුන් නිරෝධායනය වන විට ලබා දී ඇති තොරතුරුවලට අනුව එක් පුද්ගලයෙක් 83 හැවිරිදි තංගවේලී නැමැති අයෙක් සහ අනෙක් පුද්ගලයා 81 හැවිරිදි පී.ජී. මාර්ටින් නැමැති අයෙක් ලෙස හදුනාගෙන තියෙනවා.‘‘



COMMENTS
ගල් යුගයේ ක්‍රමයට සිදුකරනලද මේ ආදාහනය කිසිම විදියකට යුක්ති සහගත කිරීමට නොහැක. සුසාන භූමියක ආදාහනාගාරයක් ඇති, නැතිබව දැනගැනීමට ඒ පළාතේ ග්‍රාම සේවකයා පවා නොදැන සිටියා කියනවා නම් එය ගල් පැලෙන ලෝක බොරුවක් නොවේද ?
චන්දෙ තියනකම් කොරෝනා වලින් එක මරණයක් වත් වෙන්නෙ නෑ. හැබැයි සිරුරු නෑදෑයින්ට දෙන්නෙත් නෑ... මාස දෙකක් රට වහලා තියන්න ඕන. චන්දේ තියන්න කඩින් කඩ කරපු බාධා කිරීම් නිසා තමයි මෙච්චර ව්‍යාප්ත උනෙත්. තාමත් ඒ ගොන්කම් වල ඉවරයක් නෑ.
මේක නම් හතර බීරි කතාවක් වගේම අභිරහස් සිල්ලර ආදාහනයක් වග පේනවා ! 1) මියගිය දෙදෙනාට කොරෝනා වැළදී නැත්නම් භූමිදානය නොකර පුළුස්සා දැම්මේ මොන විදියේ රහසක් රැක ගැනීමටද ? 2) හිරු පායන්නටත් පෙරම මහා රෑ මෙවැනි "ආදාහනයක්" කලේ කාගේ නියමයන් අනුවද ? 3) අනතුරුව.... කොරෝනා වයිරසය වැළඳී නොමැති බවට "වාර්තා පැමිණීමෙන් පසුව...!!! ", මුලතිව් අධිකරණ නියෝගයකට අනුව.... එතකොට වාර්තා පැමිණ තිබෙන්නේ සිරුරු සමග නොවන බව පැහැදිලි වෙනවා ! එය නීත්‍යනුකුලද ? මෙවැනි ව්‍යසන කාලයකදී කැලෑවක ආදාහන කරන විට සිරුරු මාරුවීම සුලභ දෙයක් නොවේද ? 4) මේ විදියට අහුමුළු වල නොයෙක් විදියට සිරුරු පුළුස්සා දැමීම නිසා ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ගණන සදාකාලිකවම 7ක් වශයෙන් ලියවී තිබෙන බව පැහැදිලිය. සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අංශ වැනි රටේ සියලුම ආයතන ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වනු ඇත !
හා හොඳයි, අපි මේ සේරම දොහොත් මුදුනින්ම පිලිගන්නම්කො...
පි.ජි. මාර්ටින් කියන්නේ ලංකාවේ හිටිය ලොකු සම් භාණ්ඩ මුදලාලි කෙනෙක්... ලොකු සල්ලි කාරයෙක්. අන්තිමට වුන දේ..