(නිමන්ති රණසිංහ )
ස්වයං නිරෝධායනය කි‍්‍රයාවලියට ලක් වීමට ලබාදුන් උපදෙස් ප‍්‍රතික්ෂේප කර රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන මහියංගන ප‍්‍රදේශයේ නවාතැන්ගෙන සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් මහියංගන අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.
එසේම, මෙම පුද්ගලයා දින 14ක නිරෝධායනයෙන් පසු මහියංගන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇතැයි ද එම කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.
මෙම පුද්ගලයා ස්වයං නිරෝධායන කි‍්‍රයාවලියට විරුද්ධව කටයුතු කිරීමෙන් 1987 අංක 03 දරන රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනතේ 02 සහ 03 වගන්ති සහ නිරෝධායන රෙගුලාසි කඩ කිරිම හා ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 262, 263, හා 264 වගන්ති ප‍්‍රකාරව දඩුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇතැයි ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
රත්මලාන රජමාවත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඉකුත් 20 වැනිදා මහියංගන සෙනෙවිපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නිවසට ගොස් සිටියදී හදීසියේ ඇතිවූ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහියංගන මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත්, පසුව ඉකුත් 21 වැනිදා ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පැමිණ තිබූ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග එම පුද්ගලයා පරීක්ෂා කිරීමට එම නිවසට ගොස් ඇති බවත් පොලීසිය සදහන් කරයි.
එහිදී එම පුද්ගලයා ස්වයං නිරෝධායන කි‍්‍රයාවලියට විරුද්ධව කටයුතු කර ඇතැයි ද සදහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කරන්න එපා . ආණ්ඩුව පරදින නඩුවක් මේක . කොරෝනා උන හැදුනා නම් ඔච්චර ලේසියෙන් හොඳ වෙන්නේ නැහැ . ලංකාව සහ නිලධාරින් මේක ආයුධයක් කරගෙන තියෙන්නේ දැන්. මේ මනුස්සයා හොස්පිටල් ගිහින් තියෙනවා. නමුත් හොස්පිටල් එකෙන් තමයි තියාගෙන නැත්තේ . මෙයාව බලෙන් අල්ලන් ගිහින් නිලධාරීන් පිස්සු කෙලියොත් පසුව මෙයා නඩුවකට බැස්සොත් ඒ ඉස්පිරිතාලේ දොස්තරගේ ඉඳලා ගෙන්නන්න වෙනවා. එහෙම වුනොත් තීන්දුව දෙන්න වෙන්න දොස්තරගේ නිගමනයට අනුවයි. රජයේ රෝහලේ දොස්තර මෙයාව ගෙදර එවලා තියෙනවා.
ගොන් පාට්... ඊයේ ඔක්කොම දකින්න ඇති නෙව මේ වගේ නරුමයන්ට අර කොරියන් බෙහෙත් දෙන්න ඕන.. එතකොට අනිත් උන්වත් හැදේවි රටම මර උගුලක හිරවෙලා ඉන්න මේ වෙලාවේ මේ ජාතියේ හාල්පාරුවන්ට පිස්සු කෙලින්න දෙන්න බැහැ..
නිරොධායන පනතේ වර්ෂය 1887 ලෙස නිවැරදි විය යුතුයි.
අනේ lanka මොළයක් ඇත්තෙම නැද්ද? ඔයා කියන විදියට දොස්තර ගාවට ගිය හැටියෙ කොරෝනා තියෙනවාද නැද්ද කියන්න පුලුවන් නම් දවස් 14ක් රට ඉදන් ආපු අය මොකට රඳවනවද? Airport එකෙන්ම දොස්තර කෙනෙක් බැලුවා නම් හරිෙන්..
මේ කියන එකාවයි, ලංකා කියන එකාවයි දෙන්නවම එකම කුඩුවක දාලා අවුරුදු 5ක් වත් හිරේ තියන්න ඕනෙ. යකෝ මේ රටේ දහස් ගානකගේ ජිවිත අවධානමක දාන මේ වගේ නරුමයන්ව එළියේ තියෙනවා කියන්නේ මිනී මරුවෙක් එළියේ තියෙනවට වඩා භයානකයිනෙ.