(එස්. ඩි.කොඩිකාර )
ඩුබායි සිට පැමිණ, සෞඛ්‍ය උපදෙස් නොතකා, කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සැඟව සිටි පුද්ගලයකු දින 16 කට පසුව අද (01) සොයා ගත් බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක බව දෙනියාය මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. එස් . වසන්ත කුමාර මහතා පැවසීය.
මෙසේ නිරෝධානයට ලක් නොවී සැඟව සිට ඇත්තේ පල්ලෙගම ,දොඩබෙතොට ප්‍රදේශයේ පදිංචි (54) හැවිරිදි පුද්ගලයෙකු බව කියැවේ.
මොහු ඩුබායි සිට පැමිණ දින 16 ක කාලයක් තම නිවසේ ගත කර ඇති බවත් තමන් විදේශ රටක සිට පැමිනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැනුවත් නොකළ බවත් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.
පසුව අසල්වාසීගෙන් මෙම පුද්ගලයා ගැන ලැබුණු තොරතුරක් මත සෞඛ්‍ය බලධාරීන් ඔහුගේ නිවසට ගොස් ඔහුට තරයේ අවවාද කර ඉදිරි දිනයකදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
COMMENTS
කොරෝනා ටෙස්ට් එක කරලා බලන්න වෙයි.
මුස්ලිම් ද? සිංහල ද? දෙමළ ද?
ලෙඩකුත් නැත්නම් දවස් 16කුත් ගිහින් නම් අහවල් දෙයකටද නඩු දාන්නේ...?
තරයේ අවවාද කිරීමද දෙනවා කියපු දැඩි දඬුවම. අනේ ශ්‍රී ලංකාවේ නීතිය?.
නම කිව්වේ නැහැනේ.
පසුගිය සති කිහිපයේ ලංකාවට පැමිණෙන කොට, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කරනලද විශේෂ කාර්යාලයක් මගින් සියලුම මගීන්ගේ උන බලල , ඔවුන්ගේ විස්තර ( නම , වයස , දුරකථන අංකය , පැමිණෙන රට , ගුවන් යානයේ නොම්මරය , ආසන නොම්මරය) ලබාගෙන සටහන් කරනවා , මෙම දත්ත ඔවුන් අදාල පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට දෙන්න ඕනේ , ඔවුන් පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සහ කොට්ටාශයේ ග්‍රාමසේවක වරු හරහා පුද්ගලයා පිලිබඳ විමසිල්ලෙන් සිටිය යුතුය , නමුත් මේ කාර්යය පසුගිය කාලයේ සිදු නොවුනි.
සැඟ වෙන්නේ කොහොමද? පාස් පෝට් එකේ සීල් එක ගහලා කෙලින්ම නිරෝධානයට යොමු කරන්න. වැඩේ සිම්පල්.