(නිමල් ජයරත්න)
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්ව තවත් 139 දෙනෙකු අද (28) පෙරවරුවේ නිවෙස් බලා පිටත් කළ බව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසීය.
පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් - 78 ක් සහ
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් - 61 ක් කඩවත , කොළඹ , ගාල්ල සහ වෙන්නප්පුව යන ප්‍රදේශ වලට මෙසේ පිටත්ව ගියහ.
නිරෝධායන ක‍්‍රියාවලිය සාර්ථකව නිමා කළ පස්වන කණ්ඩායම මෙය බවද හමුදාව සඳහන් කරයි.
යුද හමුදා බස් රථ සහ පෞද්ගලික වෑන් රථ කිහිපයකින් මෙම පිරිස පිටත් කළ බව හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd