(ඩී.ජී.සුගතපාල)
කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24 වැනදා සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කලුතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට අනාවරණයවිමෙන් පසු එම පුද්ගලයා සමග බස් රථයේ පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ හය දෙනෙකු ද පරික්ෂණ සඳහා අද (04)දින රෝහල් ගත කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම හය දෙනාගෙන් එක් අයෙකු මාතර කොටවිල ලැබීම රෝහලටද අනෙක් පස් දෙනා කාරපිටිය රෝහලටද ඇතුලත් කර ඇත.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ මෙම හය දෙනාටද කොරෝනා වෛරසය වැළඳි ඇතිදැයි තහවුරු කර ගැනිම සඳහා පී.සි.ආර්.පරික්ෂණය කිරිමට මෙසේ රෝහල් ගත කල බවය.
COMMENTS
අනිවාර්යයෙන් නිරෝධන මධ්‍යස්ථානය ඇතුලෙදි හෝ ප්‍රවාහනය කරන බස් රියක් තුලදී බෝ වෙන්න ඇති , 20-30 එක හෝල් එකක එකට නිරෝධනය කරනකොට බෝ වීමේ අවස්ථාව වැඩියි. සමහරුන්ට කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැතුව රෝගය හැදිලා සුව වෙනවලු... එහෙම කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝ වෙන්න පුළුවන්... ඉදිරියට නිරෝධනය කරනකොට ඔය වහල තිබෙන සංචාරක හෝටල් ඒ සදහා ගන්න.... සංචාරක හෝටල් හිමිකරුවන්ගෙන් කිහිප දෙනෙක් ඒවා ලබාදෙන්න කැමති වෙලා තිබෙනවා. ඒවගේ කාමර වෙන් වෙනම තිබෙන නිසා බෝ වීමේ ප්‍රතිශතය අඩුය....
වැඩි සැප දෙන්න ගියොත් තව මොනවා හදා ගනීවිද?
මෙහෙම බලනකොට නිරෝධායනය අවසන් කරලා ගිය අනෙක් කට්ටිය ගැනත් නැවත වරක් හොයලා බලන්න වේවි නේද? තව දෙයක් මෙයා නිරෝදයනයෙන් පස්සේ නිවසට ගිහින් තියෙන්නේ මාර්තු 24 නමුත් මෙයාට වෛරසය අසාදනය වෙලා කියලා දැනගෙන තියෙන්නේ අප්‍රේල් 3 වෙනිදා.... එනිසා හොදට හොයලා බලන්න මෙයා 24 නිවසට ගිය දිනයේ සිට 3 වෙනිදා දක්වා ඇසුරුකළ කට්ටිය කවුද කියලා සමහරවිට මෙයා නිරෝගිව ඉන්නකොට ඇසුරුකළ අයෙක්ගෙන් අසාදනය වුනා වෙන්නත් පුළුවන් නේද? ඇසුරුකළ සියලුම දෙනා පිලිබදව සොයා බලන්න වෙනවා. තව දුරටත් ඉදිරියේදී නිරෝදායනය කරන කාලය දින 14ක් නොව 21ක් දක්වා දීර්ග කරන්න.
අනිවාර්යයෙන්ම නිරෝධයනය අවස්ථාවේදී කොරෝන හැදිලා තියෙන්නේ
දවස් 14 පසුවෙලාත් මුළුමනින්ම නිරෝධායනය සිදු නොවිය හැකි බව විදේශ පුවත් වල තිබුන. ඒ වගේම වාතයෙන් පැතිරීම ආදී 20 - 30 දක්වා දුරක් විය හැකි බවත් පලවී තිබුන. රෝගලක්ෂණ කිසිවන් නොපෙන්වන කෙනෙකුගෙන් උනත් මෙය පැතිරිය හැකියි. ඒ බැවින් අර සියලු දෙනාටම නිදහසේ රෝගය පැතිරීමට හැර අවශ්‍ය වන වෙන්ටිලේටර ප්‍රමාණය සුදානම් කරගෙන තබගත්තනම් වඩාත් ඉක්මනින් රෝගය තුරන් කල හැකියි. මුළුමනින්ම රෝගය තුරන් වුව යයි කියන ප්‍රදේශ වලත් රෝග ලක්ෂණ නොපින්වන ආසාදිතයන් සිටිය හැකියි. ඇඳිරි නිතිය ඉවත් කල පසුව නැවතත් නැවතත් ඔවුන්ගෙන් විශාල ලෙස පැතිරීමක් විය හැකියි නේද?
මත හිතන්නේ තවන් දාලා නිරෝධයනය ඉතාමත් අසාර්ථකයි හොදම දේ ස්වයං නිරෝධයනය ඒ නිසා මේ නිරෝධයනය ක්‍රමවේදය වෙනස් කරන්න වෙයි වගේ
දැන් මේකට වග කියන්න ඕන කවුද ?