(එච් චන්දන )
පහුගිය සති දෙකේදී ලංකාවට පැමිණ කිසිඳු නිරෝධායනයකට ලක් නොවුවන් 1,411 දෙනෙකු සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා එම අදහස් ප්‍රකාශ කලේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම ගැන පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවකදී.
එහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා
තවමත් මේ තොරතුරු වලටද අයත් නොවුවන් සිටී නම් ළගම පොලිසිය නැත්නම් සෞඛ්‍ය අංශ වෙත දැනුම්දෙන ලෙසත් අපි ඉල්ලා සිටින්න කැමතියි.
පුත්තලම දිස්ත්‍රික්කය කියන්නේ සහල් නිෂ්පාදනය ඉතා ඉහළ දිස්ත්‍රික්කයක්.
අපේ ගොවි මහත්වරුන් හොද අස්වැන්නක් ලබා ගත්තු නිසා හදිසි අවස්ථාවක් විදිහට පුත්තලම දිස්ත්‍රික්කය වැහුවත් අවුරුද්දකට ඇති වෙන්න “වී” අපි ළග තියෙනවා.ඒ වගේම පොල්,ලුණු,මාළු වගේ ද්‍රව්‍ය වලත් අඩුවක් නෑ.ඒ වගේම සමූපකාරයයි,සතොසයි දැනුවත් කරලා තියෙන්නේ ආහාර තොග තියාගන්න කියලා
දැනට කොරෝනා ආසාධිතයින් සමීපව ආශ්‍රය කරපු පවුල් 5කට ඒ අයව එයාලගේ නිවෙස් වලම රදවාගෙන ආහාරත් ලබා දෙනවාඅධිකරණ නියෝගයක් අනුව නිවෙස්වලම නිරෝධායනය කෙරෙන නාත්තණ්ඩියේ පවුල් 65 ක් සිටිනවා.
පුත්තලම් දිස්ත්‍රික්යේ ජනතාව ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින මේ වෙලාවේ අනිවාර්යයෙන්ම යන්න ඕන ගමන් බිමන් හැර පුළුවන් තරම් ගෙදරටම වෙලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා .
ඒ වගේම තමන්ට කොරෝනා වගේ සැක සහිත රෝග ලක්ෂණ තියෙනවානම් ඉක්මනටම වෛද්‍ය ප්‍රතිකාර ගන්න කියලා.මේ විදිහට ආරක්ෂා වෙලා හැමෝම සහයෝගය දෙනවානම් ඔබටත් කොරෝනා වලින් ආරක්ෂා වෙන්න පුළුවන් අතර පුත්තලම දිස්ත්‍රික්කය මේ තත්වයෙන් මුදවා ගැනීමට හැකි බවයි දිස්ත්‍රික් ලේකම් වරයා වැඩිදුරත් ඉල්ලා සිටියේ.
මෙම සාකච්ජාවට 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා,143 වන බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දසනායක මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිධ ස්ථානවල තිබෙන ගෙවල්වල නිරෝධනය කරන කොට ඔය සියලු දෙනා ගැනම ඇහැගහගෙන ඉන්න බැහැ. කොහේහරි ලොකු හෝල් එකක තිබෙන 50-60 ඉන්න නිරෝධායන මධ්‍යස්ථානයකට දැම්මොත් එ් කෙනෙකුට ලෙඩේ තිබුණොත් සියල්ලන්ටම රෝගය බෝ වෙන්නත් පුළුවන්... ඔය පැත්තේ සංචාරකයින් නොමැතිව වහලා තිබෙන සංචාරක හෝටල්වල කාමර වෙන් වශයෙන් තිබෙන නිසා, ඔය පුද්ගලයින් වෙන්වෙන් වශයෙන් නිරෝධායනය කරන්න බැරිද?
ස්තූතියි දැනුවත් කළාට... දැන් ඇඳිරි නීතියත් දැම්මනේ... ඔක්කොම හරි හෙට එළිවෙන කොට...
පුත්තමේ තවමත් බූරුවෝ ඉන්නවා. මම ස්වයං නිරෝධනයේ... දවසට දෙවරක් දවල් සහ රාත්‍රී කෑමට පෙර මධ්‍යසාරවලින් උගුර තෙමනවා... උගුරේ වයිරසය තිබුණොත් විනාශවෙන්න...