IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නිරෝධායනයට ලක් නොවූ 1,411 ක් පුත්තලමේ

(එච් චන්දන )

පහුගිය සති දෙකේදී ලංකාවට පැමිණ කිසිඳු නිරෝධායනයකට ලක් නොවුවන් 1,411  දෙනෙකු සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා  පවසයි.
 

ඒ මහතා එම අදහස් ප්‍රකාශ කලේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම ගැන පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවකදී.
 
එහිදී අදහස් දැක්වූ  දිස්ත්‍රික් ලේකම්වරයා
 
තවමත් මේ තොරතුරු වලටද අයත් නොවුවන් සිටී නම්  ළගම පොලිසිය නැත්නම් සෞඛ්‍ය අංශ වෙත දැනුම්දෙන ලෙසත් අපි ඉල්ලා සිටින්න කැමතියි.
පුත්තලම දිස්ත්‍රික්කය කියන්නේ සහල් නිෂ්පාදනය ඉතා ඉහළ දිස්ත්‍රික්කයක්.
 
අපේ ගොවි මහත්වරුන් හොද අස්වැන්නක් ලබා ගත්තු නිසා හදිසි අවස්ථාවක් විදිහට පුත්තලම දිස්ත්‍රික්කය වැහුවත් අවුරුද්දකට ඇති වෙන්න “වී” අපි ළග තියෙනවා.ඒ වගේම පොල්,ලුණු,මාළු වගේ ද්‍රව්‍ය වලත් අඩුවක් නෑ.ඒ වගේම සමූපකාරයයි,සතොසයි දැනුවත් කරලා තියෙන්නේ ආහාර තොග තියාගන්න කියලා

දැනට කොරෝනා ආසාධිතයින් සමීපව ආශ්‍රය කරපු පවුල් 5කට  ඒ අයව එයාලගේ නිවෙස් වලම රදවාගෙන ආහාරත් ලබා දෙනවාඅධිකරණ නියෝගයක් අනුව නිවෙස්වලම නිරෝධායනය කෙරෙන නාත්තණ්ඩියේ පවුල් 65  ක් සිටිනවා.

පුත්තලම් දිස්ත්‍රික්යේ ජනතාව  ජනතාවගෙන්  තමන් ඉල්ලා සිටින  මේ වෙලාවේ අනිවාර්යයෙන්ම යන්න ඕන ගමන් බිමන් හැර පුළුවන් තරම් ගෙදරටම වෙලා ඉන්න  කියලා ඉල්ලා සිටිනවා .
 
 ඒ වගේම තමන්ට කොරෝනා වගේ සැක සහිත රෝග ලක්ෂණ තියෙනවානම් ඉක්මනටම වෛද්‍ය ප්‍රතිකාර ගන්න කියලා.මේ විදිහට ආරක්ෂා වෙලා හැමෝම සහයෝගය දෙනවානම් ඔබටත් කොරෝනා වලින් ආරක්ෂා වෙන්න පුළුවන් අතර පුත්තලම දිස්ත්‍රික්කය මේ තත්වයෙන් මුදවා ගැනීමට හැකි බවයි දිස්ත්‍රික් ලේකම් වරයා වැඩිදුරත් ඉල්ලා සිටියේ.
 
 මෙම සාකච්ජාවට 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා,143 වන බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දසනායක මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.
 


 
 
 



අදහස් (4)

නිරෝධායනයට ලක් නොවූ 1,411 ක් පුත්තලමේ

de silva Wednesday, 18 March 2020 09:50 AM

විවිධ ස්ථානවල තිබෙන ගෙවල්වල නිරෝධනය කරන කොට ඔය සියලු දෙනා ගැනම ඇහැගහගෙන ඉන්න බැහැ. කොහේහරි ලොකු හෝල් එකක තිබෙන 50-60 ඉන්න නිරෝධායන මධ්‍යස්ථානයකට දැම්මොත් එ් කෙනෙකුට ලෙඩේ තිබුණොත් සියල්ලන්ටම රෝගය බෝ වෙන්නත් පුළුවන්... ඔය පැත්තේ සංචාරකයින් නොමැතිව වහලා තිබෙන සංචාරක හෝටල්වල කාමර වෙන් වශයෙන් තිබෙන නිසා, ඔය පුද්ගලයින් වෙන්වෙන් වශයෙන් නිරෝධායනය කරන්න බැරිද?

:       25       1

JCN Wednesday, 18 March 2020 10:13 AM

ස්තූතියි දැනුවත් කළාට... දැන් ඇඳිරි නීතියත් දැම්මනේ... ඔක්කොම හරි හෙට එළිවෙන කොට...

:       32       2

Bamunuarachchi Wednesday, 18 March 2020 11:42 AM

පුත්තමේ තවමත් බූරුවෝ ඉන්නවා. මම ස්වයං නිරෝධනයේ... දවසට දෙවරක් දවල් සහ රාත්‍රී කෑමට පෙර මධ්‍යසාරවලින් උගුර තෙමනවා... උගුරේ වයිරසය තිබුණොත් විනාශවෙන්න...

:       0       0

ශාන්ති Thursday, 19 March 2020 12:26 AM

පිටිපස්සත් ටිකක් මධ්‍යසාර වලින් තෙමාගන්න. ඒ හරියේ තියෙන මහා භයානක විෂබීජ විනාශ වෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31238 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13406 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10978 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 917 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site