ප්‍රේමතිලක පෙරමුණ
නිරෝධායනයට ලක් වූ 74 හැවිරිදි කාන්තාව බාර ගැනීම ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කරද්දී , ඉතා දිළිඳු පවුලක් ඇයව බාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළ බව වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් පී පෙරේරා මහතා පැවසීය.
මීගහතැන්න පොලිස් වසමේ ලිහිණියාව කුමාරකන්ද ලිපිනය පදිංචි ආර් ඒ එමලින් නැමති වයෝවෘද්ධ අවිවාහක කාන්තාවක් ඉකුත් සතියේ කෝවිඩ් ආසාදිතයන් වාර්තා වූ ස්ථාන දෙකක නේවාසිකව සිටීම හේතුවෙන් ඇයව දින 21 නිරෝධාානය ට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කරන ලදී.
කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් ඉකුත් දිනෙක නාගොඩ රෝහලට ඇතුළත් කළ ඇය පීසීආර් පරීක්ෂණයකින් කෝවිඩ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු වීමෙන් පසු ,රෝහලෙන් නික්ම ගොස් ඇත
ඇය ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග ඇයව බාර ගැනීම ඥාතීන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු හෝමාගම නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කිරීමට වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කටයුතු කරන ලදී.
එහිදී සිදුකළ පරීක්ෂණවලදී ද ඇයට වයිරසය ආසාදිත වී නොමැති බව තහවුරු වුව ද ,මෙම මධ්‍යස්ථානයෙන් ද වයිරස් ආසාදිතයන් හමුවීමෙන් මෙම කාන්තාව දින 21 ක නිරෝධායනයට යොමු කර ඇත.
එහිදී ඇය බාර ගැනීම සිය සොයුරිය සහ සොයුරා තරයේ ප්‍රතික්ෂේප කළ ද ,ප්‍රදේශයේ පදිංචි ඉතා දිළිඳු පවුලක් ඇයව බාර ගැනීමට ඉදිරිපත් වූ බවත් ,එය මිනිස්කම හා නොමිනිස්කම සංකේතවත් කළ අවස්ථාව බවත් සෞඛ්‍ය නිලධාරීහු පැවසූහ.
කෙසේ වුවද එම දිළිඳු නිවසේ නිරෝධායනය සඳහා කිසිදු ඉඩකඩක් නොමැති වීම නිසා ,අතරමං වූ කාන්තාව ලිහිණියාව මොරගල ප්‍රජා ශාලාවක නවත්වා නිරෝධායන කිරීමට බලධාරීන් විසින් කටයුතු කරන ලදී.


2025 නොවැම්බර් මස 21
315
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
346
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1278
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නිරෝධායනයට ලක්වු කත බාරගැනීම ඥාතීහු ප්‍රතික්ෂේප කරති
fairoos Monday, 20 April 2020 07:16 AM
මෙහමත් මිනිස්සු අපේ ලංකාවේ ඉන්නවනේ