(ජේ.කේ.එල්. චාමින්ද)
ඇඳිරි නීතිය ඉවත්කිරීමෙන් පසු භාණ්ඩමිලදී ගැනීම සදහා වෙළඳසැල්වලට පැමිණෙන ජනතාව සීමා කිරීමේ අරමුණින් අන්තර්ජාලයෙන් භාණ්ඩ නිවසටම ගොස් ලබාදීමේ වැඩසටහනක් නියාගම ප්‍රාදේශීය ලේකම්කාර්යාල මගින් අද (23) ආරම්භ කර තිබේ.
නියාගම ප්‍රාදේශීය ලේකම් කේ චතුර මිහිදුම් මහතාගේ සංකල්පයකට අනුව මෙකි වැඩ සටහන අද ආරම්භ කර ඇත.
මෙම වැඩසටහන පිළිබද අදහස් දක්වමින් ප්‍රාදේශීය ලේකම්වරයා මෙසේ කිවේය.
'ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජනතාව විශාල වශයෙන් වෙළඳසැල්වලට පැමිණෙනවා. ජනතාව එක් රොක්වීමෙන් කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානමක් තියෙනවා. ඒ නිසා නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළා. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වල අවශ්‍යතාවය දන්වා, මගේ දුරකථන අංකයට කෙටි පණිවුඩ, හා වයිබර් වට්සැප්, මගින් අවශ්‍යතාවය දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියා. නම, පදිංචි ග්‍රාම නිලධාරි වසම හා දුරකතන අංකය දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියා. සතොස මගින් භාණ්ඩ ලබාගෙන රුපියල් 1000ක භාණ්ඩ මල්ලක් සකස් කළා. මේ සඳහා ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබී තියෙනවා. අද දිනය තුළ පමණක් වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් 250ක් සදහා ඇණවුම් ලැබුනා. එම භාණ්ඩ නිවසටම ගොස් බෙදාදීමට කටයුතු කරනවා. ඇඳිරි නීතිය පැනවුවත් ඇණවුම් කළ භාණ්ඩ අපි බෙදා දෙනවා. මේ සදහා නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, සදර්න් හාට් සංවිධානයේ තරුණ පිරිසකගෙන් විශාල දායකත්වයක් ලැබුණා' යැයිද ඒ මහතා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නියාගම වැසියන්ට අන්තර්ජාලයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇණවුම් පහසුකම්