IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ හෙට සිට අරඹයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

තාවකාලිකව වසා දැමු නීතීපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අවසර හිමිවීම හේතූවෙන් එහි කටයුතු හෙට (27) සිට යළි ආරම්භ කරන බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

නීතීපති දෙපාර්තමෙන්තුවේ ආරක්‍ෂාව බාරව සිටි පෞද්ගලික ආරක්‍ෂක අංශයේ සේවිකාවකට කොරොනා වයිරසය ආසාදිත වී නොමැති බව ටී.සී.ආර්. පරීක්‍ෂණයේදී හෙළි වීමෙන් අනතුරුව දෙපාර්තමෙන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට අවසර දෙන ලෙස නීතීපති දප්පුල ද ලිවේරා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අවසර හිමිවීම හේතූවෙන් මෙම පියවර ගෙන ඇත.

නීතීපති දෙපාර්තමෙන්තුවේ ආරක්‍ෂාව බාරව සිටි පෞද්ගලික ආරක්‍ෂක අංශයේ සේවිකාවක් ආහාර ලබාගෙන ඇත්තේ කොරොනා වයිරසය ආසාදිත බව තහවුරු වු කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි කාන්තාවකගෙන් බව හෙළි වීමෙන් අනතුරුව නීතීපති දෙපාර්තමෙන්තුව තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා ලදී.

ඉන් අනතුරුව නීතීපති දෙපාර්තමෙන්තුවේ ආරක්‍ෂාව බාරව සිටි පෞද්ගලික ආරක්‍ෂක අංශයේ සියලු දෙනා ටී.සී.ආර්. පරීක්‍ෂණ සදහා යොමු කළ අතර එහිදී ඔවුන් කිසිවකුටත් කොරොනා වයිරසය ආසාධිත වී නොමැති බව තහවුරු වී ඇත.

ඉන්අනතුරුව නීතීපති දෙපාර්තමෙන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට අවසර දෙන ලෙස නීතීපති දප්පුල ද ලිවේරා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ අතර ඒ පිළිබදව සළකා බැලීමෙන් අනතුරුව ඊට අවසර ලබාදුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

ඒ අනුව තාවකාලිකව වසා දැමු නීතීපති දෙපාර්තමෙන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට නීතීපතිවරයා තීරණය කළ බවද නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.
 



අදහස් (0)

නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ හෙට සිට අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 173 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1030 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site