IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ධීවරයෝ සුපුරුදු රාජකාරීවල

අනීෂා මානගේ

ඇඳිරි නීතීය ක්‍රියාත්මක කරන කාලය තුළ මාළු ප්‍රවාහනයට සහ ධීවර කටයුතු කරගෙන යෑමට රජයෙන් ඊයේ(24) අවසර ලබාදීමෙන් පසුව තංගල්ල සහ කුඩාවැල්ල ධීවර වරායවල ධීවරයන් අද දින සිය දෛනික කටයුතු ආරම්භ කර ඇති ආකාරය දක්නට හැකිවිය.

පසුගිය 20 වැනිදා ඇඳිරි නීතිය මුළු දිවයිනටම බලපාන පරිදි ක්‍රියාත්මක කිරීමෙන් පසුව ධීවරයෝ සිය රාජකාරීවලින් ඉවත්ව සිටියහ.

පසුව ඊයේ(24) රජය මගින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මාළු ප්‍රවාහනයට සහ ධීවර කටයුතු සුපුරුදු පරිදි කරගෙන යාමට ඉඩකඩ ලබා දුන්නේය.

ධීවර වරායන්වලට මසුන් රැගෙන පැමිණි බහුදින සහ එක්දින ධිවර යාත්‍රාවලින් මාළු බෑම සහ වරාය තුළදී මාළු අලෙවි කිරීම, ග්‍රාමීය ප්‍රදේශවලට අලෙවි කිරීම සඳහා මාළු ප්‍රවාහනයට මෙමගින් අවසරය හිමිව ඇත.



අදහස් (0)

ධීවරයෝ සුපුරුදු රාජකාරීවල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site