IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


’දේශපාලනඥයින් වයිරසයේ දරුණුබව අවතක්සේරු කළා’

මාර්තු 18 - ඒ.එෆ්.පී. (බර්ලින්) 

විවිධ රටවල දේශපාලන නායකයන් කොරෝනා වයිරසයේ දරුණු බව කිසිදු සැලකිල්ලකට නොගෙන අවතක්සේරු කළ බව යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන්ඩ ලියන් මහත්මිය පැවසුවාය. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා සිය දේශ සීමා වසාදැමීමට යුරෝපා සංගමය පියවර ගැනීමත් සමඟ ඇය මේ බව සඳහන් කළාය.

''අපි කවුරුවත් විශේෂඥවරු නෙමෙයි. ඒත් මූලික අවස්ථාවේදී අපි කොරෝනා වයිරසය අවතක්සේරු කළා“ යයි උර්සුලා වොන්ඩ ලියන් ජර්මනියේ ‘බිල්ඩ්‘ පුවත් පතට පවසා තිබිණ. ඇය සමග කළ සාකච්ඡාව ‘බිල්ඩ්‘ පුවත් පතේ බදාදා දින පළකර තිබිණ.

“මේ යන විදියට,  තව සෑහෙන කාලයක් අපිට මේ වයිරසයත් එක්ක ඔට්ටු අල්ලන්න සිද්ධවෙන බව නම් පැහැදිලියි. වයිරසය පාලනය  කරන්න ගන්න තරම් දැඩි වැඩියි කියලා  සති දෙකකට හෝ තුනකට පෙර හිතපු ක්‍රියා මාර්ග මේ මොහොතේදීම ක්‍රියාත්මක කළ යුතුයි'' යයිද ඇය පැවසුවාය.

පසුගිය අවුරුද්දේ දී චීනයෙන් ආරම්භ වූ කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ලොව පුරා ව්‍යාප්තව ගොසිනි. අද (18 වැනිදා) ග්‍රිනිජ්  වේලාවෙන් උදෑසන 7.00 වන (ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 12.30 වන විට) වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 200,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ අතර 7,991 දෙනෙකු මිය ගොසිනි.

මෙම වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය යුද්ධයක් ලෙස අර්ථ ගැන්වූ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මහතාගේ භාෂා භාවිතයට ද මෙහිදී උර්සුලා මහත්මිය ප්‍රතික්ෂේප කළාය. ප්‍රංශ ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ සියලුම ප්‍රංශ ජාතිකයන්ට සති දෙකක් පුරා නිවෙස් තුළට වී සිටින ලෙස උපදෙස් දෙමිනි.

'මම පෞද්ගලිකව ඒ වචනය පාවිච්චි කරන්නේ නැහැ. ඒත් මට පැහැදිලියි ප්‍රංශ ජනපතිවරයා එයින්  අදහස් කළේ, වයිරසය කරදරකාර සතුරෙකු බව හඳුන්වා දීමටයි' “ යයිද උර්සුලා වොන්ඩ ලියන්  මහත්මිය පැවසුවාය.



අදහස් (6)

’දේශපාලනඥයින් වයිරසයේ දරුණුබව අවතක්සේරු කළා’

රවින් Wednesday, 18 March 2020 08:19 AM

එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි. හැබැයි මෙහෙනම් ටිකක් විතර කොරෝනා මඩින්න පියවර ගත්තා. එ්ත් කොහෙද මෙහේ, "මේ රටේ මිනිස්සු කෙලින්නේ පිස්සු කියකියා අනික් එවුන් එක්ක පිස්සු කෙලිනවා." දන්නවනේ ඉතින් මෙහේනේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ට ප්‍රසිද්ධයි කියලා. හැබැයි ඉතින් දේශපාලුවන් ටික නම් පොඩ්ඩක් විතර සැරෙන්ඩර් වෙලා. වෙන මොකවත් නොවේ ගාණක් හොයාගන්න වැඩේට බහින්න ටිකක් අමාරුයි. කෙහෙන් එනවාද දන්නේ නැහැ. මේ පාර උනුන් දන්නවා හුළං වැපුරුවොත් සුළි සුළං හම්බවෙන විත්තිය...

:       1       37

Akila Wednesday, 18 March 2020 08:36 AM

''අපි කවුරුවත් විශේෂඥවරු නෙමෙයි. ඒත් මූලික අවස්ථාවේදී අපි කොරෝනා වයිරසය අවතක්සේරු කළා“ - මේක අපේ ලොක්කත් කියවනවා නම් හොඳයි.. තවම සුළු පිරිසකට පමණක් හැදිලා තියන හින්දා එ්ක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි... කිව්වේ ඊයේ රෑ...

:       25       161

විපරමා Wednesday, 18 March 2020 10:12 AM

අපේ රටේත් කියලා ඒ තරම් වෙනසක් නැහැ. තුනෙන් දෙකේ බලය නැතිව මොකවත් කරන්න විදියක් නැහැනේ...?

:       0       1

Champa Wednesday, 18 March 2020 10:58 AM

මෙහෙත් එහෙමයි. ඊට අන්තයි. මෙහෙ ජනාධිපතිට තාම කොරෝනා ලොකු ප්‍රශ්නයක් නෙමෙයිලු... ඒ හින්දා තවතව මිනිස්සුන්ට බෝවෙන්න ඇරලා එයා ආරක්ෂිතව ඉන්නවා. මම හිතන්නේ වසංගතයක් වෙනකම් වෙන්න ඇති...

:       0       0

Kuma Wednesday, 18 March 2020 02:53 PM

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ..

:       0       0

Kuma Wednesday, 18 March 2020 04:28 PM

2/3 ක බලය ලැබුණු පසු වයිරසයේ දරුණුබව තක්සේරු කළහැකිය..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 295 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 325 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1255 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site