( පුෂ්පකුමාර ජයරත්න )
දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍යම ඖෂධයක් වන ඉන්සියුලීන් එන්නතේ හිඟයක් දිවයින පුරා පිහිටි සියළුම රෝහල් වල අැතිවීමෙන් දියවැඩියා රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට රෝහල් වලින් රෝගීන්ට නිකුත් කරන මිලිලීටර් 10 ක ප්‍රමාණයෙන් යුත් ඉන්සියුලීන් කුප්පි රජයේ රෝහල්වල පමණක් නොව පෞද්ගලික ඔසුසැල් වලද හිඟව පවතින බවද පැවසේ .
මිලි ලීටර් 10 කින් සමන්විත ඉන්සියුලීන් කුප්පියක් බාහිරින් මිළදී ගැනීමේදී ඒ සඳහා රුපියල් 1200 ක පමණ මුදලක් වැයවන අතර එතරම් මුදලක් වැය කිරීමට නොහැකිව බොහෝ රෝගීන් අසරණව සිටින බව වාර්තා වේ .
රුපියල් 685.00 ක පමණ මිළකින් යුත් මිලිමීටර් 03 ක ප්‍රමාණයකින් යුත් ඉන්සියුලීන් එන්නත පමණක් පෞද්ගලික ඔසුසැල් වල අලෙවියට තිබේ .
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසුවේ මෙම ඉන්සියුලීන් එන්නත සති තුනක පමණ කාලයක සිට හිඟව පවතින බවයි .
COMMENTS
කවුද මෙවට වගකියන්නේ..?
දේශීය වෙදකමේ දියවැඩියාවට බෙහෙත් කරන්න පුළුවන් ක්‍රම තියෙන බව අන්තර්ජලය හරහා දැනගැනීමට ලැබුනා. රෝගියාව හොඳටම සුවපත් කළ හැකි බෙහෙත් ඇති බව දැනගැනීමට ලැබුනා. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙම රෝගයද නැවත නැවතත් එන්නත් ලබාදීමට කටයුතු කිරීම මගින් සෞඛ්‍ය සේවාව වානිජමය කර ඇත. මිල භාණ්ඩ හා සේවා ඇගයීම සඳහා වර්තමාන සමාජයට අවශ්‍ය දෙයක් වුනත් එමගින් රටේ ජිවත් වෙන ජනතාවගේ නිරෝගීකමට ප්‍රශ්නයක් නොවන විදියේ ක්‍රමයක් තිබුනොත් හොඳයි. දියවැඩියාවට දේශීය වෙදකම ප්‍රවර්ධනය කරන ක්‍රමයක් තිබුනොත් හොඳයි.
"රුපියල් 685.00 ක පමණ මිළකින් යුත් මිලිමීටර් 03 ක ප්‍රමාණයකින්" මිලිමීටර් නෙවෙයි මිලිලීටර්
කොවිඩ් 19 මිසක් කවුද වග කියන්නේ?