දිවයිනේ සියලුම කතෝලික දේවස්ථාන වල දේව මෙහෙයයන් පැවැත්වීම මාර්තු මස 31 වැනිදා දක්වා අත්හිටුවන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ දන්වා සිටිති.
කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට සහයෝගය දීම සඳහා උන්වහන්සේ මෙම දැන්වීම කරති.
ඒ අනුව දිවයිනේ සියලුම කතෝලික දේවස්ථාන වල ඉරිදා දේව මෙහෙය සහ අනිකුත් දේව මෙහෙයයන් මාර්තු මස 31 වැනිදා දක්වා නොපැවැත්වේ.
COMMENTS
ඉතාමත් කාලෝචිත හා ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමක්. ඉතාලියේ සිට පසුගිය සති වල ආ අය බොහොමයක් කතෝලික, මීගමුව අවට විදේශිකයන් විශාල වශයෙන් නවතැන් ගන්නවා. පැයක් පමණ පවත්වන දේව මෙහෙය වලදී මිනිසුන් එක ළඟ සිටිනවා.
සර්ව බලධාරී දෙවියන් වහන්සේගෙන් කිසිවෙකුටත් උපකාරයක් ලැබෙන්නේ නැද්ද? දේව සංකල්ප සියල්ලම විටින්විට, කාලයෙන් කාලයට විවිධාකාර හේතුන් මත පෘතග්ජන මිනිසුන් විසින්ම ආපදා උවදුරු ලෙඩරෝග සහ අනෙකුත් අගහිඟකම් ඇතිවන අවස්ථාවන්හි උපකාර වෙනවා යයි තමන්ගේ සිත් සතන් සනසා ගැනීම උදෙසා යොදා ගැනීමට නිර්මාණය කරගන්නා ලද දේවල් කියා හිතෙන්නේ මේවගේ වෙලාවටයි.
පන්සල් වල පින්කම්ද නැවත්වුවොත් හොඳයි.
ඔව් ඔව් සියලුම දේව මෙහෙයන් නවත්තන්න...........