(සමන් පාලිත නානායක්කාර)
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දියතලාවේ පැවැති නිරෝධායන මධ්‍යස්ථාන හතරම මේ වන විට හිස්ව පවතින බව දියතලාව යුද හමුදාව පවසයි. දියතලාව හමුදා නිවාඩු නිකේතනය කඳවුරේ සිටි අවසන් 33 දෙනා අද (3) දින සිය ගම්බිම් බලා පිටත්ව යෑමත් සමග කඳවුරු ගතව නිරෝධායනය වූ සියලුම දෙනා පිටත්ව ගොස් තිබේ.
විටින් විට පැමිණි කණ්ඩායම් මෙම මධ්‍යස්ථානවල දී දින 14 ක කාලයක් නිරෝධායනය වූහ. එහිදී අවශ්‍ය සියලු පහසුකම් යුද හමුදාව සපයා දී තිබුණි. මේ වනවිට එම කඳවුරු හතර තුළ නිරෝධායනය වූ පිරිස 479 ක් වූ බව දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරියෙක් පැවසීය.
චීනයේ වූහාන් වල සිට පැමිණි ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සිසුහු 33 දෙනා දියතලාවේ නිරෝධායනය වූ මුල්ම පිරිස වූහ.
දියතලාව යුද හමුදා රෝහල, කහගොල්ල ලටෙක් ඉංජිනේරු කාර්මික ආයතනය, දියතලාව ගැමුණු හේවා බලඇණිය, යුද හමුදා නිවාඩු නිකේතනය නිරෝධායන කඳවුරු ලෙස පවත්වාගෙන ගිය අතර එම හතරම මේ වන විට හිස පවතින බව දිය තලාව යුද හමුදා කඳවුරේ උසස් නිලධාරියෙක් පැවසුවේය.



2025 නොවැම්බර් මස 21
68
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
167
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1021
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරම දැන් හිස්
jayath Friday, 03 April 2020 07:29 AM
අහන්නත් සතුටුයි !
Kumara Friday, 03 April 2020 11:23 AM
නරකද 225ම බැස්සුවොත්?
jayath Friday, 03 April 2020 02:25 PM
ෂා... අපරාදේ අපි කොහොමද ආණ්ඩුවට බනින්නේ? මම කොහොමද ලෙඩ්ඩුන්ට ක්ලෝරෝ කුවිනීන් දෙන්නේ ?