IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දඹුලු ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට දිනතුනක් වහයි

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අප්‍රේල් මස 5, 6 සහ 7 යන දිනයන් තුනේ වසා තැබීමට තීරණය කළ බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න  ඇරැවුල මහතා  අද(04)  පැවසීය.
 
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ උපදෙස් පරිදි නාගරික සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සිතාර  විතානගේ මහතාගේ අත්සනින් යුතුව ලිපියක් මගින් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය වෙත මෙම දැනුම් දීම සිදු කර ඇත.
 
ඇඳිරිනීතිය ඉවත්වෙන දින සහ ඊට පෙර දින අති විශාල ජනතාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීමත් සමග රෝගය පැතිර යෑමේ දැඩි අවදානමක් පවතින බැවින් මෙම තීරණය ගෙන ඇත.
 
ඒ අනුව මෙම යෝජනාව වෙළඳ සංගමය සාකච්ඡාකොට තීරණය කළ බව සභාපති ඡන්න  ඇරැවුල මහතා සඳහන් කළේයග
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය රටේ ආහාර අවශ්‍යතාවයත් මහජනතාවගේ ආරක්ෂාවත් පිළිබඳව දැඩි කැපකිරීමක් කරමින් ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර තිබුණු බවත් එහෙත් විශාල ජනතාවක් ගැවසීම නිසා මෙම තීරණයට එළඹි බවත් පැවසිය .
 
 ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවලු අලවි කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකසා ඇති බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
 
 
 ඒ අනුව දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සකසා ඇති මෙහෙයුම් මැදිරිය මඟින්  කොට්ඨාශයට අවශ්‍ය එළවලු  ප්‍රමාණය දුරකථනය හරහා දැනුම් දීමෙන් පසු ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන් 150 දෙනාම තම ගොවියන්ට ඒ බව දැනුම් දී අවශ්‍ය එළවළු අස්වැන්න නෙලා  ප්‍රාදේශීය ලේකම්  කාර්යාල වෙත යැවීමෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව සභාපතිවරයා සඳහන් කළේය.
 
ආර්ථික මධ්‍යස්ථානය විශාල වශයෙන් ජනතාව ගැවසීම සහ එළවළු අලෙවි කිරීම සම්බන්ධයෙන්  කාර්ය සාධක බළකායේ ප්‍රධානියෙක් බැසිල් රාජපක්ෂ මහතා  රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සමඟ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු කණ්ඩායම සාකච්ඡාකොට සියලු දෙනාගේම එකගතාවය පරිදි මෙම තීරණයට එළඹි බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
 
මෙම වයිරසය පැතිරයාම පාලනය කිරීම සඳහා රජය ගන්නා උත්සාහයට සහයෝගයක් ලබා දෙමින් ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන් මෙම කැපකිරීම කරන බවද හෙතෙම සඳහන් කළේය.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පසුගිය ඇදීරි නීති සමයේ මේ දක්වාම විවෘත කර තැබිණි.
 
ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් ජනතාව ඇදී ඒම නිසා දැඩි අනාරක්ෂිත භාවය පැවතිණි.


 



අදහස් (0)

දඹුලු ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට දිනතුනක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31168 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13315 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10957 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 59 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site