(නිමන්ති රණසිංහ)

කොරෝනා වයිරසයෙන් මිය යන වයස අවුරුදු 70ට වඩා අඩු අය අතර වැඩි සංඛ්‍යාවක් දුම් බොන්නන් බව සනාථ වී ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
 
නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සදහන් කරන්නේ, තවමත් දුම්පානය අත් නොහළ අය මෙම වයිරසය ආසාදනය වීමෙන් ආරක්ෂා විය යුතු බවයි.
 
මෙම වයිරසය වැඩිහිටියන්ට නිරාවරණය වීම අවම කිරිමට සහ ස්වයං හුදකලා වීමට පොළඹවන ආකාරයෙන්ම දුම් බීම නොකළ යුතු බවට වන පණීවිඩය ද
 
සමාජය වෙත දැනුම් දිය යුතුව ඇතැයි ද එම මධ්‍යස්ථානය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. ඒ අනුව වැඩිහිටි මෙන්ම තරුණ පරපුරද වහාම දුම්බිම අත්හැරීමට මෙමගින් පෙළඹිය යුතුව ඇති බවද මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සදහන් කරයි.