(මහින්ද නිශ්ශංක)
 
ලබන 24 වැනිදා දක්වා තවදුරටත් දුම්රිය ධාවනය ප‍්‍රාදේශිය මට්ටමින් පමණක් සිදුකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
 
ඒ අනුව මහනුවර පොල්ගහවෙල, මහනුවර මාතලේ, මහනුවර නාවලපිටිය,  මහව පොල්ගහවෙල, බෙලිඅත්ත ඉදුරුව, ගාල්ල ඉදුරුව, අතර පමණක් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලන කාර්යාලය පවසයි.
 
මේ අතර අද (22)  කොලොන්නාව තෙල් පර්යන්තයේ සිට අනුරාධපුරයට සහ ගාල්ලට ඞීසල් සහ පෙට‍්‍රල් රැගත් දුම්රිය දෙකක් ධාවනය කළ බවත් අද දිනයේ ද කොලොන්නාව සිට මඩකලපුව සහ පේරාදෙණිය දක්වා ඉන්ධන රැගත් දුම්රිය දෙකක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.