( තිලකරත්න දිසානායක.)
රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙත යාම ඒම සඳහා දුම්රියයන්ගෙන් ගමන් පහසුකම් ඇතත් දුම්රිය ස්ථානයන්ට පැමිණීමට සහ ආපසු නිවෙස් කරා යාමේ දුෂ්කරතාවක් පවතින බව සේවක සේවිකාවෝ පවසති.
මෙම අපහසුතාවය මත අධික වියදම් දරා කුලී රථ යොදා ගැනීමට සිදුව ඇති බව ඔවුහු පෙන්වා දෙති.
මීට විසදුමක් ලෙස දුම්රිය ස්ථානයන්ට පැමිණීමට සහ ආපසු නිවෙස් කරා යාම පිනිස පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක විය යුතු බව ඔවුහු කියති.

COMMENTS
චීනයේ රසායනාගාරයක් තුළ බෝකල වයිරසයක් නිසා අැතිවුණු වසංගතයක් නිසා ලංකාවේ ජනජීවිතයම අවුල්කලා. රැකියාකිරීමේ අයිතිය නිදහසේ ගමන් බිමන් යාමේ අයිතිය චීනයේ වසංගතය නිසා අපට අහිමි වුණා.
මම හිතන්නේ මේ ප්‍රශ්නය තියෙන්නේ ගම්පහ දුම්රිය ස්ථානයේ මගීන්ට. කොහොමත් ගම්පහ නගරයේ අතිරේක පන්ති නැත්නම් හැමදාම ඔය ප්‍රශ්නය තියෙනවා. සාමාන්‍ය දිනවලද රාත්‍රි 7 - 8 වෙද්දී බස් නෑ. කිරිදිවැල ආදී ප්‍රදේශ වලට යන බොහෝ මගීන් වේයන්ගොඩට ගොස් තම බස්රථ ලබාගැනීම සිදුකරන අවස්ථා බොහෝවිට දැකිය හැකියි. ගම්පහ දුම්රිය ස්ථානය වැඩිම ආදායමක් ලබන්නේ මේ අතිරේක පන්ති සදහා එන ළමුන්ගෙන්....
සෑහෙන්න කාලයක් plan කරලා තමයි අනේ මේ ටිකත් හදා ගත්තේ... මේ මොනවද අනේ ඉතුරු ටික පයින් යන්න. ඒ තරම් දක්ෂ විද්වත් පිරිසක්නේ වැඩ කරන්නේ. කෝච්චියේ යන්න සිය දෙනෙක් ආවත් කලින් රෙජිස්ටර් වෙලා නැත්නම් එක්ක යන්නේ නැහැ. හිස් කෝච්චිය කොළඹට යනවා බෙලිඅත්තේ ඉඳලා.
කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. කියන දේවල් ඒ විදියට ක්‍රියාත්මක කරන්න බැහැ. කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ. රාජකාරිවලට එන්න කියනවා. හැබැයි ප්‍රවාහනය ගැන හිතලවත් නැහැ. පරිසර අමාත්‍යාංශයෙන් පත්වීම් ලිපිය බාර දෙන්න එන්න කියනවා. එ්ක අත්‍යාවශ්‍ය නැහැනේ. හැබැයි රාජ්‍ය පරිපාලන එකෙන් ලියුම බාර දෙන්න කියනවා. කිසිම විදියක් නැහැ යන්න. පඩියෙන් බාගයක් විතර ගෙවන්න වෙනවා taxi වලට. අජිත් රෝහණ මහත්තයා කියනවා TV එකේ අත්‍යාවශ්‍ය නොවන ඒවාට එළියටවත් බහින්න එපා, ID නොම්මරේට අත්‍යාවශ්‍යම දේවල් ගන්න යන්න කියලා. හැබැයි රාජ්‍ය පරිපාලනෙන් කියනවා ලියුම බාර දෙන්න 15ට කලින් කියලා...
එදා ඉඳල ලංකාවේ තීන්දු තීරණ ගත්තෙත් ඉදිරියට ගන්නෙත් නුගත් දේශපාලකයන් සහ ඔවුන්ගේ වලිගේ එල්ලිලා උඩට නැගපු සුදුසුකම් නැති අදක්ෂයන්. ඔවුන්ට යම්කිසි දෙයක් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න බැහැ. මට මේක දැක්කහම මතක් වුනේ ප්‍රවීන විශ්‍රාමික කලාකරුවෙක් ගායනා කළ ගීතයක කොටසක් , " අනේ ඉතින් අපි දෙන්නට මේ තුන්සරණේ සරණියි "